විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියල තියෙද්දිත් එයම සිදුවෙනවානම් එය කඩාකප්පල්කාරී වැඩක් – නාමල්

Date:

විදුලිය කප්පාදු නොකරන බවට වචනයක් දී තිබියදී එය සිදුවන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කල යුතුව ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාර්තු 05 වැනිදායින් පසු විදුලිය කප්පාදු නොකරන බවට ජනාධිපතිවරයා සමඟ එම නිලධාරීන් පැවති සාකච්ජාවේදී පවසා ඇති පසුබිමක විදුලිය තවදුරටත් කප්පාදු වීම ප්‍රශ්නයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි. විශේෂයෙන් පිළිගත යුතු කාරණාව මේ කාල සීමාව තුළ ජනතාව ආර්ථික වශයෙන් ජනතාවට අපහසු කාල සීමාවක්. ඒ වගේම තමයි ලෝකයේ තිබෙන තත්ත්වයත් එක්ක අද මේ රටෙත් ලෝකේ හැම රටකම වගේ භාණ්ඩ වල හිඟයක් තිබෙනවා. ඉතින් මේ අර්බුදය විසඳන්න ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි අවශ්‍ය තීන්දු තීරණ සියල්ලම ගන්න ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේක අමාරු කාලයක්. ගෝලීය වසංගතයක් එක්ක පැනනැගුණු ගෝලීය අර්බුදයේ කොටසක්. ඒ වගේම රටවල් දෙකක් ගහගන්නත් පටන් අරන්.මේ විදිහට දැවැන්ත රටවල් යුද්ධ කරන්න පටන් ගත්තම එකේ අවසානයේ හිරවෙන්නේ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. සංවර්ධිත රටවලටත් මේක මේ විදිහට බලපානවා නම් අපේ රටවලටත් ඒක බලපානවා.”

අද (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...

රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ...