හෙට දිනයේදී රටේ බොහෝ ප්රදේශවලට පැය 03.45 ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
A,B.C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පැය 03.45 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර එම කප්පාදුව සිදු කරන්නේ පෙරවරු 08 – පස්වරු 06 දක්වා පැය 02.30 ක් හා පස්වරු 06 – රාත්රී 11 දක්වා පැය 01.45 ක් ලෙසයි.
මේ අතර P,Q,R,S,T,W යන කලාප සඳහා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු වේ. පෙරවරු 09 – පස්වරු 05 අතර කාලය තුළ පැය 02 ක් හා පස්වරු 05 – රාත්රී 09 අතරතු පැය 01 ක් ලෙස එම විදුලි කප්පාදුව සිදු වේ.
UN