*
Friday, October 18, 2024
spot_img

Latest Posts

කාන්තා අයිතිය සුරකිනවා යැයි රැස්වීම් පවත්වා කයිවාරු ගැහුවට මදි. ප්‍රායෝගිකව වැඩ කර පෙන්විය යුතුයි – සජිත්

තමා විසින් ජනතාවට දේවල් බෙදනවා කියා චෝදනා කරමින් විවිධ නම් පටබදිමින් සිටියත් ඒ බෙදීමේ අරුතක් ඇති බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අරක්ෂා වන මුත් ඒ තුළ සෞඛ්‍ය, අධ්‍යානය, යහපත් ජන ජීවිතයකට ඇති අයිතිවාසිකම්⁣ සදහන් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ක්‍රියාවෙන් රටට පණිවිඩයක් දෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතට සෞඛය, අධ්‍යාපනය, ජීවත්වීමේ හා වෘත්තියක නියැලීමේ අයිතිය අන්තර්ගත කරන බවත් නමට නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාවක් තිබුණට මදි බවත් එය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදනවා කියන චෝදනා කරන සුළුතරයකට හැමදේම ඇති බවත් ඔවුන් ප්‍රභු පැළැන්තිය භාවිත කරන සුඛෝපභෝගී සෞඛ්‍ය ක්‍රම භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සැම තැනම රැස්වීම් පවත්වා කාන්තා අයිතීන් සුරක්ෂිත කළ යුතු යැයි පවසන්නේ නම් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කළ යුතු බවත් එහි දී කාන්තාවන්ගේ,මව්වරුන්ගේ සහ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් හැමදේම බෙදනවා කියන චෝදනාව නොකර බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් ⁣බංකොලොත් අදහස්වලින් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ “හුස්මක්” වැඩසටහන යටතේ කාසල් රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ රාශියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි.

මාතෘ හා ළමා වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍රයේ කොළඹින් බැහැර රෝහල්වල පවා මේ පහසුකම් වර්ධනය කළ යුතු බවත් කාසල් රෝහලට දුන්නා සේ සෙසු රෝහල්වලටත් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැළසීම මට වැදගත්

මේ උපකරණ වලින් අපේ රටේ දරුවන්ට සහ මව්වරුන්ට හොඳ දෙයක් වෙනවා නම් එය ප්‍රමාණවත් බවත් මීට පෙර කාසල් රෝහලට 2021 වසරේ පරිත්‍යාග කළ අල්ට්‍ර සවුන්ඩ් ස්කෑනරය බැලීමට ගිය අවස්ථාවේ එය තුළින් මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසී ඇති බව දැන ගන්නට ලැබුණු බවත් පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසීමට හැකිවීම ගැන සතුටු වන බවයි.

මටත් තිබුනා බස්වලින් කාන්තාවන් ගෙන්වා කයිය ගහන්න

බංකොලොත් රටේ මේ මුදල් උපයෝගී කර ගෙන බස්වලට කුලිය ගෙවා කාන්තාවන් රැස්කර ගෙන කාන්තා අයිතිය ගැන දේශන සිදු කළ හැකියාව තිබූ බවත් දේශනවලින් ඔබ්බට ගොස් ක්‍රියාවෙන් වැඩ පෙන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වගේ දවසක මව්වරුන් බිහි කරන දූදරුවන්ගේ ජීවිත බේරා ගන්නා යන්ත්‍ර පරිත්‍යාග කිරීමට හැකිවීම තමා ලැබූ භාගයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දවසේ කාසල් රෝහලට ලක්ෂ 46ක් වටිනා ඉන්කියුබේටර් යන්ත්‍රයක් හා බේබි වෝමර් යන්ත්‍ර දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියගේ සුරතින් පරිත්‍යාග කිරීම සිදු විය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා දී ඇති අතර සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 83කට රු. ලක්ෂ 4042ක් සහ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ පාසල් 119කට රුපියල් ලක්ෂ 50 වටිනා බස්රථ ලබා දී ඇති අතර එ සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දී ඇති අතර ඒ සදහා ලක්ෂ 1191ක පරිත්‍යාග සිදු කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan