පෙබරවාරියේදී නිල සංචිත වත්කම් ඉහළට

Date:

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකමට සාපේක්ෂව 0.5% ක ඉහළ යාමකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,480 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 ජනවාරි මාසයේ විදේශ විනිමය සංචිත වටිනාකම වූ ඩොලර් මිලියන 4,426 හා සංසන්දනය කිරීමේදී 1.2% ක වැඩි වීමක් වේ.

මෙම නිල සංචිත වත්කම් තුළ ගනුදෙනු සඳහා භාවිතා කළ නොහැකි, චීන මහජන බැංකුවෙන් ලබාගත් ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන විනිමය හුවමාරු පහසුකම ද අන්තර්ගත වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...