පොහොට්ටුව ගුටි කාලාත් පාඩම් ඉගෙනගෙන නෑ වගේ – දයාසිරි

Date:

කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාව පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ඔවුන් තවමත් පාඩමක් ඉගෙනගෙන නැතැයි යන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“ඒ පත්කිරීම ගැන අපි දිගටම කතා කළේ විපක්ෂයේ කෙනෙක් මේ කෝප් කමිටුවේ සභාපති විය යුතුයි කියලා. නමුත් ඒක වුණේ නෑ, ආණ්ඩුව මේක නැවත අරගෙන තිබෙනවා. අපට කණගාටුවක් තිබෙනවා, මොකද මේ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවේ බුද්ධිමත්, හොඳට ඉගෙනගත්ත අය. මට තේරෙන්නෙ පොදුජන පෙරමුණ තවම පාඩම ඉගෙනගෙන නෑ වගේ. තාම හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො, ඒගොල්ලන්ට ඕනෙ කෙනා පත්කෙරුවාම වැඩේ හරියයි කියලා. ඉතින් ඔහොම්ම තව කරගෙන යන්න කියන්න. තව පොඩි කාලයයිනෙ තියෙන්නෙ, මාස පහකට විතරනෙ තව යන්න වෙන්නෙ. ඒ කියනෙන් තාම ගුටි කාලාත් පාඩම් ඉගෙනගෙන නෑ. මේ දේශපාලනය වැරදියි කියලා මිනිස්සු පාරට බැහැලා ජනාධිපතිව එළවලාත් පොදුජන පෙරමුණ තාම පිළිගන්නෙ නෑ. ඒගොල්ලො හිතන් ඉන්නෙ ඒගොල්ලන්ගෙ බලය, අපට ඕනෙ කෙනෙක් පත්කරනවා, තමුසෙලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔහොම තව මාස පහක් කරගෙන යන්න කියන්න, එතකොට තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...