*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

අසංගලාගේ ටකල්වලට හරීන් වැටෙයි ද?

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 08, කොළඹ (LNW):

ලංකාවේ බොහෝ අය තමන්ගේ ඉලක්කයට යාමට දෙස් විදෙස්වල වෙනත් අයගේ කීර්තිය උගසට තබන්නට රුසියෝය.රට දෙකට තබා තමන් එකට පෙනී සිටීමේ උවමනාවෙන් පෙනී සිටින එවැන්නෝ තමන්ගේ ඉහළම සබඳතා හරහා ඔවුන්ගේ වෙස් මුහුණු ගලවන්නෝ නිහඬ කරන්නට ද තැත දරති.
කොළඹ සහිරාව යනු මුස්ලිම් පිරිමි දරුවන් වෙනුවෙන් මේ රටේ පවතින ප්‍රධානම පාසලයි කීව ද වැරදි නැත.එහෙත් එහි අධ්‍යාපනය ලබන සුළුතරයක් වූ සිංහල දරුවෙකුට වුව සිය හැකියාවෙන් ඉහළම තැනට පත්වීමේ කිසිඳු බාධාවක් නැති එය ගෞරවණීය විද්‍යාලයකි.එවැනි කිරි මෙන් පැහැදිළි,සුපිරිසිඳු තැනකට ගොම් රොඩු සමීප වූ විට ඈතට අපිරිසිදුව පෙනෙන්නේ නැත.ගොම් රොඩු ද සුදු පාටින් ඇස් රැවට්ටීමට ඉඩ ඇත.එහෙත් අවසාන පලය වනුයේ කිරි බඳුනම පලක් නැති දේ බවට පත්වීමය.


සහිරාවේ ඇරඹුම 1892 තරම් දුරය.එහි රගර් ක්‍රීඩාවටම වසර 100 කි.ඒ ස්වර්ණමය මොහොත වෙනත් ආකාරයකින් ආක්‍රමණය කර අඟට ගොඩ වී කණ කන්න බලන්නෝ සූදානම් වන ආකාරය දුක්ඛ දායකය.


ආසියානු රගර් සභාපතිවරයා වත්මන් පරිපාලනයේ හිටපු සභාපති සමඟ පෞද්ගලික අවුලක පැටළුණු බව අපි දනිමු.එය මතු පිටට පෞද්ගලික සේ පෙණුනද සැබවින්ම එය රට වෙනුවෙන් කරන ලද ඉදිරිපත් වීමක්ය.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය සතුව ඇති ස්වාධීන පෞරුෂය රැක ගැනීම වෙනුවෙන් කළ මැදිහත්වීමක්ය.
ආසියානු සභාපතිවරයා එම අසුනට පත් වුණේම, ලාංකේය රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් කළකිරුණු සිතැතිවය.ශ්‍රී ලංකාව ඔහුගේ පාක්ෂික රටක් නොවිණි.ඒ එවකට ශ්‍රී ලංකා රගර් සභාපතිව සිටි ලසිත ගුණරත්නගේ ඡන්දය ඔහුට නොලැබුණු බැවිනි.එහෙත් මේ ඡායාරූපයේ සිටින අසංග සෙනවිරත්න නැමති ලාංකිකයාට සහ ආසියානු සභාපති කායිස් අල් දලායි සමඟ තිබුණු මිත්‍රත්වයට එයින් හානියක් සිඳු නොවිණි.ඔහු මේ වන විටත් ආසියානු සංගමයේ තරගාවලි කමිටු ප්‍රධානියාය.


මේ අතර නාමල් රාජපක්ෂ ඇමති පුටුවට ආ විට අසංගට ලංකාවේ රගර්වල ඔහුට අහිමිව තිබෙන කීර්තිය නැතුව රගර් පරිපාලනයට රිංගන්න පොටක් පෑදිණි.ඒ අනුව නාමල් සහ ආසියානු සභාපති මූට්ටු කර ශ්‍රී ලංකාවේ රගර් ගැන තීරණ ගන්නට උත්සාහ කරමින් අසංක රගර් පරිපාලනයට ඇමති අනුහසින් ගෙන අත් හළේය.ඒ ලිපියේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ආසියානු සභාපතිවරයාගේ අනු දැනුම මත සිඳුවන බව කියන්නට එවකට සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය තමන්ගේ පරිස්සමට අකුරු පටලන්නේය.


නාමල් සහ අසංග අතර ඇති මිත්‍රත්වය ද සුළු නැත.ඔහු නාමල් නායකයා අවදියේ ශ්‍රී ලංකා රග්ර් සභාපතිය.හ් කාලේ සිද්ධ වූ අපූරුම වැඩේ වෙනත් රටක ක්‍රීඩකයින් ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස ලංකාවට ක්‍රීඩා කර හසුවීමය.ඒ නිසා ශ්‍රී ලංකා රගර් මේ වන විටත් පවුම් 50000 ක දඩයක් ගෙවමින් සිටියි.එකල මහින්ද රාජපක්ෂ රජයට අවශ්‍යය වූයේ දිනීම මිස කෙසේද යන්න නොවන අතර තම පුත්‍රයා ද කෙසේ හෝ දිනන්නෙකු කිරීමට සිය ප්‍රභූත්වය යොදා ගැනීමේ ලැජ්ජාවක් ද නොතිබිණ.ඒ නිසා කුප්‍රකට නීතිඥ විභාගය ලිවීම වැනි කරුණු ඉතිහාසයට එකතු කරපු ලැජ්ජාවට වඩා වැදගත් වූයේ ඔවුන්ගේ නම් ඉස්සරහ ලියැවෙන ජයග්‍රහණය.


මේ තත්ත්වය නිසා ද ශ්‍රී ලංකා රගර් ගිණුම හිස් වී ණය බරින් පුරවපු නිසා ද අසංකට නැවත රගර්වලට හේත්තු වෙන්නට බැරි ඉඩ සැකසීමේ දේශපාලන බලය නාමල් යොදා ගත්තත් එවකට දේශපාලකයාට තබා ආසියාවේ සභාපතිටද සීමාව ඉක්මවා ශ්‍රී ලංකා රගර්වලට බලපෑම් කිරීමේ ඉඩක් සභාපතිව සිටි ඉල්ලියාස් නොඳුන්නේය.ඔහු ද නාමල් රාජපක්ෂලාත් යම් අවස්ථාවල විශ්වාස කර කාල්ටන් රගර් මෙහෙයවීමේ විශාල වගකීම් පැවරුව කෙනෙක් නිසාම ඔහුව ඕනෑම දෙයකට නමා ගන්න පුළුවන් හාදයෙක් නොවන බව නාමල් දැන සිටි නිසා ක්‍රීඩාව දේශපාලන ඉත්තෙක් කර ගැනීමට සුදුසු පුද්ගලයා අසංග බැවින් නාමල් ට ඔහුව රිංගා ගැනීම වැදගත් විය.


එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ රගර්වල හැසිරීම දේශපාලන බලයෙන් සහ ආසියානු සභාපතිගේ ආශිර්වාදයේ මහිමයෙන් පහතට වට්ටන්නට අනේක විද පියවර ගැණින.ආසියානු තරගාවලි සභාපති අඩුම තරමේ සිය සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ සභාපතිගෙන් පළිගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ රගර්වලින් පළිගැනීම වැරදි බව හෝ කියන්නට ගියේ නැත.ආසියානු ඔලිමිපික් කමිටුවටත් අභියෝග කරමින් ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලෙන් එළියේ තබන්නම ආසියානු සංගමය වලි කෑ අසංග සිටින්නෙත් ඒ සංගමයේමය.


අවසාන පලය වූයේ ආසියානු ඔලිම්පික් සංගමයට පෙනේ පුප්පන්න ගිය ආසියානු රගර් සභාපතිගේ පෙනේ හකුලා දැමීමය.ශ්‍රී ලංකාව නිසි පුහුණුවක් නැතුව ක්‍රීඩා දේශපාලනය විසින් කරන ලද සීරීම් තුවාල ද සහිතව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි විය.අවසාන ප්‍රතිපලය වූයේ ආසියානු සභාපතිගේ මව් රට ශ්‍රී ලංකාවට වඩා විශාල ඉදිරියක් පෙන්නුම් කරමින් ඉදිරියට එද්දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ ආසියානු රගර් අතර පතුරු තිබුණු කීර්තිය හැකිලී පහළට කඩා වැටීමය.තමන්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් අසංග නිහඬව උපන් රටට වඩා ඉහළට එන්නට ආසියානු සභාපතිගේ රටට ඉඩ සකසා ඇත.තරගකාරීත්වය හරහා පමණක් එය සිඳුවන්නේනම් කම් නැත.වූයේ අතපයට විලංගු ලා පුහුණු කාලය කා දමා ශ්‍රී ලංකාව අසරණ කර දමමින් වීම ඛේදයකි.එක්තරා ආකාරයකින් උපන් රටට ද්‍රෝහීවීමකි.


අසංග පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකා රගර් යටත් කිරීම මෙන්ම දැවන්ත ණය බරකට යටත් කිරීම නිසා ශ්‍රී ලංකා රගර් වෙත පැමිණීමට පාර සකසා ගැනීමේ දුෂ්කරතාවයකින් ඊට පසු පැමිණි සභාපතිත් කළේ ණය බර වැඩි කිරීමමය.මේ අතර නිල වශයෙන් පත් රගර් පරිපාලන විවිධ විෂමාචාර සළකා රගර් තහනම් කළ පිරිස් ද,තිබෙන ඡන්ද ක්‍රමය නිසා තමන් සම්බන්ධයෙන් අවිශ්වාසය වැඩි පිරිස් අඩු කර ගැනීමට මඟක් සොයා ගැනීම වෙනුවෙන් ද දැන් උත්සාහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් තමන්ට ඇතුළට එන්නට පුළුවන් මට්ටමේ හිලක් හදා ගන්නය.
එහිදී ප්‍රාදේශිය මට්ටමේ භාවිතාවන ඡන්ද බලයට තට්ටු කර ක්‍රීඩා සමාජවල ඡන්දවලට වැඩි බලයක් ලබා ගැනීම අරමුණ කරගෙන සංශෝධනයකට ඔත්තු බලමින් ඇත.ආසියානු සභාපතිගේ ආශිර්වාදය ද දිනාගෙන ඇත.ආසියානු මට්ටමේ තමන් සතූ ප්‍රභූත්වය සහ බලය මේ පොළව මත පෙන්නා දීමට අසංග පළමු කොට කරළියට එන්නට සූදානම් වන්නේ සහිරාව හරහා ය.

ක්‍රීඩාවක ආසියානු සභාපතිවරයා කියනවිට පාසලකට කීර්තියක්ය.එහෙත් මේ කීර්තිය සමඟ එන්නේ තමන්ගේ රටේ රගර් ක්‍රීඩාව ආසියාවේ ඉහළට ගෙන එමින් ශ්‍රී ලංකාවේ රගර්වලට වින කැටිය පුද්ගලයාය.එසේම ඔහුගේ තුරුල්ලේ ඉඳගෙනම නිහඩව හෝ තව තවත් අනුබල දෙමින් ආසියානු සභාපතිවරයාට රිසි සේ ශ්‍රී ලංකාවේ රගර් තලා පෙළා දමන්නට ඉඩ දෙමින්,තමන්ගේ උවමානව ඉටු කර දුන් ක්‍රීඩා ඇමතිගේ පත්වීම මායිම් නොකළ ශ්‍රී ලංකා රගර්වලින් පළිගන්න හිතූ ආත්මාර්ථකාමීත්වය මව්රටට වඩා විසල් ලෙස සළකන අසංග සෙනවිරත්නය.


එක පැත්තකින් අසංග රගර් ප්‍රභූ සමාජයට අයත් ක්‍රීඩා සමාජවලට හාද්දක් දිය හැකි තරමට සමීප වෙන්න සහිරාව යොදා ගෙන ඇත.එහි දෙවන පියවරේදී අපේක්ෂාව එම ක්‍රීඩා සමාජවල තීරණයෙන් පමණක් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමය.මේ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මේ වන විට අදහස් දෙකක් ඇති ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රය සමඟ කතා කිරීමේ ඉඩ අහුරමින් සහිරාවේ ශතකයෙන් තමන්ට අවශ්‍යය ලකුණු ලබා ගැනීම මේ සාකච්ඡාවල අරමුණ වෙන්නට ඇත.ආසිායනු සභාපති ද ලං කර ඒ දේ ම අමාත්‍යවරයාට පවසන්නට මෙය මොහොතක් කර ගන්නට ද ඇත.
ශ්‍රී ලංකාවේ රගර් ව්‍යස්ථාවේ හැඩය වෙනස් වී ප්‍රාදේශීය නායකත්වයන්ට බලය හිමිවීම සිඳු වන්නේම ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනය සහ ව්‍යාප්තිය පදනම් කරගෙනය.එය සකස් කරන්නේ ද නවසීලන්ත ජාතිකයෙක්ය.මේ ව්‍යහුය යටතේ ශ්‍රී ලංකා රගර් ප්‍රාදේශීය රගර් සංවර්ධනයට වැඩි බලයක් දැම්මේනම් සහ ක්‍රිඩාවේ ප්‍රචාරනය සහ ස්ථාපිත කිරීම් විධිමත් සහ විමධ්‍යගත කළේනම් මේ වන විට දැන් උජාරුවට ක්‍රීඩා සමාජවලට බලය ඉල්ලා සිටින ක්‍රීඩා සමාජවලට වඩා ක්‍රීඩා සමාජ නිර්මාණය වී තිබෙන්නට ඉඩ ඇත.


එසේ නොවන ඉඩ සැකසීම විධිමත් කරනු මිස ගමෙන් රගර්වලට ඇති බලය අහුරා දැමීම නොකළ යුතුය.ප්‍රධාන ක්‍රීඩා සමාජ බී කාන්ඩයේ තරගවලට හෝ බී කණ්ඩායමක් ඉදිරිපත් කරන්නේ නැත.සමහර ක්‍රීඩා සමාජවලට ලීග් තරගාවලියට සහ ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලිය සඳහා දෙකටම ඉදිරිපත් කළ හැකි දක්ෂයන් නැත.සමහර ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන්නේම නැත.රගර් පාසල්වලින් එන දක්ෂයන්ගෙන් පමණක් යැපෙන්නේ නැතුව හොඳ බී සහ සී කාණ්ඩ ලෙස තරග පවත්වා දක්ෂ තරුණ ක්‍රීඩකයින් සොයා ඒ අයව ඒ කාණ්ඩායේ ක්‍රීඩා සමාජ වෙත යොමු කරන්න අවශ්‍යය ඉඩ පළල් කරනු විනා පහළ මට්ටමේ ඒ ඉඩ වසා දමන්නට යෝජනා කිරීම, තක්තඩිකමක්ය.පියවරෙන් පියවර ඉහළ ක්‍රීඩා සමාජයකට ඒමට හැකි පරිදි ක්‍රීඩකයා පෝෂණය කරන වැඩ සටහනක් සකස් කළ යුතුය.
මේ ලෝකයත් හවුල් කරගෙන තමන්ට බලයට ඒම සඳහා අවශ්‍යය කටයුතු වෙනුවෙන් නවතා දමන්නට හදන්නේ රටේ ක්‍රීඩාවේ පළල්වීමය.ඉතිහාසයේ යම් ආකාරයකට පංති අතර සිය ප්‍රභූත්වය වෙනුවෙන් යම් පිරිසකට පරිපාලනමය ඉඩ ඇහිරීමේ ගෝත්‍රික ලක්ෂන තිබිණ.එහෙත් මේ තත්ත්වය දියුණු සමාජ ව්‍යහුයක බලය වෙනුවෙන් වරදකරුවන්ට සහ සමාජයේ බහුතර බලය දිනා ගැනීමට අපොහොසත් අවිශ්වාසවන්තයන්ට ඉඩ හදාදීමේ නින්දිත ආකාරයට බලා ව්‍යහුය සකස් කිරීමය.
නාමල් රාජපක්ෂලා ක්‍රීඩා කරාට හම්බන්තොට නමින් ක්‍රීඩා සමාජ හදා ව්‍යාපාරික වැඩ සටහන් කෙරුවා විනා හම්බන්තොටින් රගර් ක්‍රීඩකයො නොතැනූහ.රොෂාන් රණසිංහ සිහිපත් කළේම පොළොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් පැමිණ ටික කලෙකට පසුව මිනිස්සු පැවසූ දේ ය.පොළවෙන් මතු වූ මිනිසා කී නිසා ඒ පොළවෙන් තව එකෙක් ඒම වළක්වා ගන්න මුළු පොළොන්නරුවම කොන්ක්‍රීට් කළ යුතු බවය.ක්‍රීඩාව සහ පොළොන්නරුව රොෂාන් රණසිංහ ද ඒ ආකාරයටම ගැලපුවේය.හරීන් ප්‍රනාන්දු ද ඔතැනට වඩා විශ්වාසයෙන් ඔසවා තැබුවේ ඌව ය.ඌවට රගර් ඉතිහාසයක් ඇත.සුදු අධිරාජ්‍යවාදීන් තමන්ගේ වතු පළාත්වල තමන් කළ ක්‍රීඩාවන් ද වගා කර තිබිණ.එහෙත් කළු සුද්දෝ පහසුකම් කොළඹ කර අපහසුකම් ගමේ තැබූහ.අද හෝ හෙට හෝ ඒ සම්ප්‍රදාය වෙනස් වී ගමේ දක්ෂයා සොයා ගැනීම සහ ඔහුව ජාතික මට්ටමට සංවර්ධනය කිරීම ගමට සම්බන්ධ විය යුතුය.


රගර් ක්‍රීඩාවේ තිබෙන ආකෘතිය සුරක්ෂිත කරමින් අලුත් විදිහකට ගමේ ක්‍රීඩාව දියුණු කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ආශිර්වාදය දීම කෙරෙහි හරීන් යම් කිසි පිපාසාවකින් පෙළෙන බව පෙනෙන්නට ඇත.දේශපාලන ඉලක්ක ගොඩක් පෙනෙන්න තිටෙන හරීන්ට එය කිරීම දේශපාලන සෙල්ලමට ද සුදුසු වැඩක් ය.එසේ තිබියදී සහිරාවෙන් තමන්ගේ අවශ්‍යයතාවයට පොටක් පාදා ගන්න හදන අසංග සෙනවිරත්නලා ගේ නිර්වින්දන එන්නතට හරීන් කොටු වේද යන්න සැක සහිතය.නමුත් මේ වන විට රගර් පාලනයට වැඩේ පවරා සිටින්නට කැමත්ත දක්වන හරීන්ට මේ අදහස් දෙක සාකච්ඡාවට ගෙන එහි ජාතිකමය වටිනාකම ක්‍රීඩා බලධාරියා හැටියට තේරුම් ගෙන තමන්ගේම නීති උපදේශකයින් සහ පොළවේ තිබෙන ඇත්ත එකතු කර ලෝක රගර් සංගමය සමඟ කතා කරන්නට හැකියාව ඇත.


මෙන්න මේ ගොල්ලන්ට විතරක් බලයෙ ඉන්නයි රගර් ගහන්නයි ඉඩ දීලා රටේ අනිත් පළාත්වල මිනිස්සු මේ ගේම් එකෙන් අයින් කරල දෙන්න කියලා ලෝක රගර් සංවිධානයට රටකට යෝජනා කරන්න නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත.හරීන් ට ඒ ගැන කතා කරන්නට බාධාවක් නැත.ඒත් අසංගලා දාන ටකල් පහසු නැත.දාපු මොහොත පසු වී සුමාන ගණන් ගොස් වැටෙන්නට ඉඩ ඇති ආකාරයට නිලයන් අල්ලා දමන ඒවා බැවිනි.හරින් වැටෙයිද අපි බලා සිටින්නෙමු.රගර් නොවැටෙන්න දෙන්න හරීන්ට ද වැඩක් ඇත?
එසේම ඉතිහාසයේ සිදුවීම් නිසා වර්ථමානයේ යම් යම් වෙනස්කම් කරන්නට ගන්නා උත්සාහයන් අනාගතය ගැන බියකරු සිහින ඇති කරන්නේය.අප මේ ඉතිහාසය සම්බන්ධයෙන් කියන කරුණු වැරදි බව ඔප්පු කළ හැකිනම් ඒ ගැන ලිවීමේ අයිතිය ඔබට ඇත.උදාහරණයකට අප විසින් නඟන පවුම් 50000 ක දඩයක් ගැසීමේ කාරණය බොරුනම් සහ එය සිඳු වූයේ කාගේ කාලයේ ද යන්න අප කර ඇති සඳහන වැරදිනම් එය නිවැරදි කර අපට ලියා එවීමට හැකි ඉඩ අපි ලබා දෙන්නෙමු.අප සතුව ඇති දත්ත මත පදනම්ව ලියන මේ සටහන්වල යම් වරදක් ඇත්නම් ඊට අදාළ දත්ත සමඟ අපට යොමු කිරීමට ඔබට හැකියාව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan