අප්‍රේල් අවුරුදු නැකතට කිරිබත් කනවා වගේ රිලා සංගණනයට මාර්තු 15 මුළු රටම එක මිටට සෙට් වෙන්න – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිංහල දෙමළ අවුරුදු සමරන සියලුම ජනතාව ඒ අවුරුදු නැකැත්වලදී එකට කැටි වෙනවාක් මෙන් මාර්තු 15 වෙනිදා සත්ව සංගණනයේදීත් මුළු රටම එකට පෙළගැසිය යුතු බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

“දැන් මේ හැමෝම වගේ ප්‍රශ්න කරන එකක් තියෙනවානෙ, විනාඩි පහෙන් ගණන් කරන්න පුළුවන්ද කියන එක. දැන් අපි කියමු විනාඩි පහ වෙනුවට පැය බාගයක් දුන්නොත් මොකද වෙන්නෙ ? මෙතන ඉන්න රිලවා පනින් නැද්ද එහාට ? මේ වත්තෙ ඉන්න රිලවා එහා වත්තට පනිනවා. ඒ වත්තෙ ඉන්න රිලවා මෙහා වත්තට පනිනවා. ඒ නිසා මුං එක තැනක නැහැ. දෙසැම්බර් 31 වෙනිදා රෑ 12 ට මුළු ලෝකෙම එක මිටට සෙට් වෙන්නැද්ද ? සෙට් වෙනවා. අප්‍රේල් අවුරුද්දට හිසතෙල් ගානකොට, ඉඳුල් කටගානකොට, කිරිබත් කනකොට, සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ජන කොටස් එක මිටට කැටි වෙන්නැද්ද ? කැටි වෙනවා. ඉතින් ඒ වාගේ 15 වෙනිදා උදේ අටේ සිට අටයි පහ දක්වා මේ කාලය තුළ මුළු රටම එකට පෙළගැහෙන්න ඕනෙ”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...