වසර 35කට පසු පණ ගැන්වුණු ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

මේ වන වි උතුරු පළාත සංවර්ධනය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව සඳහන් වේ.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිය හැකි උතුරු පළාතේ දැනට අක්‍රියව ඇති රජය සතු කර්මාන්තශාලා යළි සක්‍රිය තත්ත්වයට පත් කිරීමට රජය නව සැලසුම් සකස් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, උතුරු පළාතේ නව කර්මාන්තපුරයක් ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇත. ඒ පිළිබඳ සැලසුම් සකස් කිරීම මෙන්ම උතුරු පළාතේ කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේදී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාද එම පළාතේ සංචාරයකට එක් විය.

තවද, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, නියෝජ්‍ය අමත්‍ය හර්ෂණ සූරියපෙරුම මහතාද මෙම සංචාරයට එක්ව සිටි බවද වාර්තා වේ.එහිදී, අක්‍රීයව පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව යළි පණගැන්වීමට හැකියාව ලැබී ඇති අතර පෙරේදා දිනයේ දී (07)නිෂ්පාදන ක්‍රියාවලිය ද ආරම්භ කෙරුණු බව වාර්තා වේ.

මෙම කර්මාන්ත ශාලාව යළි ආරම්භ කෙරුණේ වසර 35කට පසුව වන අතර, මේ තුළින් නව රැකියා අවස්ථා රැසක් ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීමට අවස්ථාව උදාවන බව රජය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...