ට්‍රම්ප්ම බදු රිවස් කිරීම

Date:

අශෝක ජයතුංග

මාර්තු 09 වොෂින්ටන් LNW :

🍎ට්‍රම්ප් පැනවූ බදු ඔහුම රිවස් කරගනී….!

🍎කැනඩා හා මෙක්සිකෝ බදු මසකට රිවස්…..?

🍎ලංකාවත් බදු දැලේ පැටලේ ද… ඉන් ගොඩ යයි ද… .?

🍎ඇගළුම් වලින් ලංකාවට ඇමෙරිකන් ස්වීප් ඇදෙන ලකුණු…….?

🍎ජනපති ඇතුළු මාළිමාවේ හැකියාව පරීක්ෂාවට ලක්වෙන තීරණාත්මකම තැන…..?

🍎ඇමෙරිකාවේ ඇගළුම් සටන දිනන්නේ ලංකාව ද නැද්ද……?

ට්‍රම්ප් ඉතා කලහකාරී ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙකු ලෙස ප්‍රකටය. පත්වූ විගස යුක්රේනය ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඔහු වක්‍රව රුසියාවේ වාසියට වැඩ කළේය. හමාස් සංවිධානයට රතු ලයිට් දල්වා කණ පැලෙන කතා කියා යුද්ධය නවතා යුද හිරකරුවන් හුවමාරු නොකලොත් හමාස්ලා ප්fලැට් කරන බව ද කීවේය.

ලෝක වෙළෙද යුද්ධයකට පාර කපමින් දැවැන්ත බදු ප්‍රතිපත්තියක් අනුගමනයට ද ට්‍රම්ප් අත ගැසුවේය. ඇමෙරිකාවට උඩින් හා යටින් සිටින කැනඩාවට හා මෙක්සිකෝවට 25% ක දැඩි බද්දක් පනවා රිදෙන්නම දුන්නේය. කැනඩාව ඇමෙරිකාවේ 51 වන ප්‍රාන්තය බවට තම පාළනය තුළ ඈදා ගැනීමේ සිහිනයක් ට්‍රම්ප්ට තිබෙන අතර ඊට එරෙහිව කැනඩා ජනතාව පමණක් නොව එම ආණ්ඩුව ද ට්‍රම්ප්ට රිදෙන්නම ප්‍රතිචාර දැක්වීම ඔවුන්ට එරෙහි දැඩි බදු ගැසීමට ප්‍රධාන හේතු වලින් එකකි.

මෙක්සිකෝ දේශ සීමා හරහා වසරකට දසලක්ෂයක් ඇමෙරිකාවට ඇතුල්වීම ටුම්ප්ට ඇලජික්ය. දැවැන්ත තාප්පයක් බදින්නට ද ට්‍රම්ප් ගේ පළමු ආණ්ඩුව ක්‍රියා කල ද බයිඩන්ලාගේ ඩිමොක්‍රටික් ආණ්ඩුව ඊට උනන්දු වුයේ නැත. යළිත් බලය ලැබුණු පසු මෙක්සිකෝවට රිදවීම ට්‍රම්ප් ඇරඔුවේ අධික බදු පැනවීමෙනි.

එහෙත් කැනඩාව හා මෙක්සිකෝව කළේ ට්‍රම්ප්ට වැද වැටීමට වඩා ඇමෙරිකාවෙන් එම රටවලට එන භාණ්ඩ වලට ඉතා අධික බදු පැනවීමය. ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ලොව සුපතලම විස්කි හා තවත් භාණ්ඩ රැසක් ගෙන්වීම කැනඩාව නවතා දැමීය. ජනතාවගේ හා එම ආනයන හා සමාගම් දෝස්මුරය දාන්නේ ට්‍රම්ප් ගේ විකාර ප්‍රතිපත්ති නිසා ලෝක ආර්ථිකය දෙදරා අවිනිශ්චිත වන බවය. ඇමෙරිකානු කොටස් වෙළෙද පොළ ද 1 . 8% කින් කඩා වැටින. ටුම්ප්ට හීන්දාඩිය දැම්මා විය හැකිය. ඔහු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ හා මෙක්සිකෝ ජනපතිනි ක්ලුඩියා ෂින්බියුම් හමුවී 25% බදු පැනවීම මසකින් කල්දමා යළි සලකා බැලීමට තීන්දු කළේය.

අල්ලපු රට නිසාත් ප්‍රවාහනයට විශාල මුදලක් නොයන නිසාත් මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්වයි. ඒ අතර ඇගළුම් ප්‍රධානය. යම් හෙයකින් මෙක්සිකානු ඇගළුම් වලට 25% බද්ද යම තරමකට අඩු කළත් ඇමෙරිකාවට එන මෙක්සිකානු ඇගළුම් ප්‍රමාණය අවම විය හැකිය. එම හිඩස පියවීමට ලංකාවට විශාල අවස්ථාවක් මෙන්ම බංගලිදේශය වැනි දරුණු තරගකරුවන්ද ලංකාවට අභියෝගයක්ව සිටිති. මාළිමා ආණ්ඩුවේ ජාත්‍යන්තර දක්ෂතාව කිරා මැන බැලීමට ද “ඇමෙරිකාවේ ඇගළුම් සටන” අවස්ථාවක් වනු ඒකාන්තය. මහින්ද සමරසිංහ වැනි දක්ෂ අත්දැකීම් බහුල හා ඇමෙරිකානු ප්‍රබලයන් සමග දැඩි සබදතා පවතින අයෙකු දිගටම එහි රැඳවීම ඊට ලැබෙන දැවැන්ත ශක්තියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...