අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී පොළිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):

අනුරාධපුර පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙක්, අනුරාධපුර පොලිස් ස්ථානයේ වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

සැකකාර කොස්තාපල්වරයා වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙන අතර, ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා සන්තකව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 170ක් සොයාගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.

අනුරාධපුර මුලස්ථාන පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...