Home විදෙස්  කෙන්යාවේ දැඩි ගංවතුරක් : 42 ක් ජීවිතක්ෂයට

 කෙන්යාවේ දැඩි ගංවතුරක් : 42 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

 කෙන්යාව පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හටගත් විශාල ගංවතුර තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම ස්වාභාවික විපත නිසා පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් බහුතරයක් අගනුවර වන නයිරෝබි නගරයෙන් වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවී, ගුවන් ගමන් ඇතුළු ප්‍රවාහන සේවා අඩාල වී ඇති බව සඳහන් වේ.

විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා රජය සහ හමුදාව මැදිහත් වී සහන සේවා ක්‍රියාත්මක කරන බවද වාර්තා වේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් නැගෙනහිර අප්‍රිකානු කලාපයට මෙවැනි දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

තවද, අවතැන් වූ පවුල් සඳහා ආහාර සහ වෛද්‍ය ආධාර සැපයීමට කෙන්යානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.