නිශ්මං රණසිංහ ,මාර්තු 09 කොළඹ LNW:
මවුන්ට් ලැවීනියා හෝටලය යනු ලංකාවේ අමතක නොකළ හැකි ඉතිහාසයක උරුමයකි.එය පෞඩත්වය සහ ආදරයේ විශාලත්වය කැටි වුණු තැනකි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් හා ලොවීනා අපොන්සුවා නම් කුලහීන තරුණියගේ ප්‍රේමයේ මිනිය නොහැකි පරිමාවම මේ හෝටල් පරිශ්‍රයට විදේශිකයන් ආක්‍රමණය කිරීමට ප්‍රමාණවත්ය.ඉතිහාසය විසින් උරුම කර දී ඇති ශ්‍රේෂ්ඨත්වය නිසා ජාතික උරුමයක් බවට පත්ව තිබෙන මේ මහා හෝටලය උරුමය පැවරුණු අය විසින් අප්‍රමාදව එහි වටිනාකමට සහ පෞරාණික වටිනාකම්වලට හානි නොවන සහ අනන්‍යතාවය රැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.එසේ නොවුණහොත් මේ දැවන්නත ඉතිහාසය මුහුදු වතුර සමඟ මුසුව සැඟව යාමට ඉඩ ඇත.

මේ ආණ්ඩුකාර නිල නිවස මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගෙන් පසුව සර් රොබට් බ්‍රවුන්රිග්, සර් එඩ්වඩ් පේජට් සහ සර් එඩ්වඩ් බාන්ස් වැනි ආණ්ඩුකාරවරුන්ට ද නිල නිවහන වී,ඉනික්බිති මවුන්ට් ලැවීනියා හෝටලය වි වසර 220 කි.ඊට යා වුණ පුරා වෘත්තයක් තරමට හෝටලය සහ ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාව සමඟ සබැඳි ඉතිහසයද වටිනා සහ රසවත් එකකි.ගල්කිස්ස මුහුදු තීරය පාදක කරගෙන පැවත්වෙන සැතපුම් 2 මුහුදු පිහිණුම් තරගය මේ වසරේ පවත්වා නිමාවට පත් වූයේ 87 වන වරටය.ඉසව් පැවත්වීම වසර සිය ගණනින් කියවෙන නමුදු,එකම අනුග්‍රාහකයෙක් වසර 87 ක් එකම ඉසව්වක් වෙනුවෙන් එකම ක්‍රීඩා සංගමයක් සමඟ බැදී සිටීම විශ්මය දනවන කාරණයකි.එහි ගෞරවය එදා – මෙදා තුරු මේ සබඳතාවයන් අඛණ්ඩය රැක ගනිමින් පෙරට ගෙන ඒම ගැන හෝටල් කළමණාකාරීත්වයට සහ ජල ක්‍රිඩා සංගමයේ පරිපාලකයන්ට හිමි විය යුතුය.

මෙවර පැවති 87 වන තරගාවලියේ වැදගත්ම සිඳුවීම වූයේ විවෘත කාන්තා තරගය නිමා කළ කාලයට වඩා යහපත් කාලයක් වාර්තා කරන්නට අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ ජයග්‍රාහිකාවට හැකි වීමය.පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ සිසුවියක වන 13 හැවිරිදි මින්දි තෙසායා පියසේන වීවෘත කාන්තා තරගයේ ජයග්‍රාහිකාව වූ අනුහංසි ද සිල්වා වාර්තා කළ විනාඩි 51.24 ක කාලයට වඩා තත්පර 7 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූවා.දෙවැන්නිය වූ කෙයාරා රණේපුර සහ මින්දි අතර පරතරය තත්පරයක් පමණක් වූ බැවින් 15 න් පහළ තරගයේ පළමු සහ දෙවන ස්ථාන දෙකම විවෘත තරගයේ කාලයන්ට වඩා ඉදිරියෙන් සිටීම කැපී පෙණුනා.
පිරිමි විවෘත තරගය ටී.ආර් පෙරේරා පහසුවෙන් ජය ගත්තා.විදේශිය අත්දැකීම් ද සමඟ දෙවැන්නාට වඩා විනාඩියක කාල පරතරයක් සමඟ එම තරගයේ ජය ඔහු සතු කර ගත්තා.විනාඩි 43.18 ක කාලයකින් තරගය නිමා කර පෙරේරා ජෙෆාරි ඩුල්පන්දන් පිහිණුම් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වී තිබුණා.දෙවන ස්ථානය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මෙත්වන් ප්‍රනාන්දුට ද තෙවන ස්ථානය යුද හමුදාවේ ආරබීඩී නිරෝශනට ද හිමි වුණා.

තරගාවලිය නියෝජනය කළ වියපත්ම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලද්දේ විදේශිකයෙකු වූ ඒසී ස්මිත්ය.කාන්තා අංශයේ එම ගෞරවය දිනා ගත්තේ අයේශා ප්‍රනාන්දුයි.වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් තරග වැදුණ අජිත් කුමාර ඒ සඳහා වූ විශේෂ ත්‍යාගය සඳහා අවශ්‍යය පෙරමුණ ලබා ගැනීමට සමත් වුණා.
කාන්තා පිහිණුම් සූරතාවය දිනා ගත් ක්‍රීඩා සමාජය වූ යුද හමුදා ක්‍රීඩා සමාජයට හිමි වූවා.ඊට අමතරව ශාන්ත ජෝෂප් විද්‍යාලීය පිහිණුම් කණ්ඩායම 15 න් පහළ සූරතාවයේද හිමිකරුවන් වීමට සමත් වුණා.ඒ දස්කම් සමඟ සමස්ත පිරිමි සූරතාවයද දිනා ගත්තේ ශාන්ත ජෝෂප් පිහිණුම් කණ්ඩායමයි.තරගාවලියේ කාන්තා සහ පිරිමි දෙ‘අංශයෙන්ම තරග වැදුණු කණ්ඩායම් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා තරගාවලියේ සමස්ත කණ්ඩායම් සූරතාවය දිනා ගනු ලැබුවේ යුද හමුදා කණ්ඩායමයි.15 න් පහ බාලිකා සූරියන් වූයේ ෂීෆිට් ජල ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.

තරගාවලියේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක් වූණේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණ නුරුල් ක්වයිබ් අන්වර්ය.කියාරා බණ්ඩාය ලාබාලතම ක්‍රීඩිකාවට හිමි ඇගයීම කොළඹ කාන්තා විද්‍යාලයට දිනා දීමට සමත් වුණා.





