ඉංදියාවෙ සැළසුම හරිම සරලයි.නසාර් හුසෙන් ඉන්දියාවේ දක්ෂතා අගයයි

නිශ්මං රණසිංහ ,මාර්තු 09 කොළඹ LNW:

ලෝක කුසලාන ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් හිටපු එංගලන්ත නායකයෙකු වන නසාර් හුසේන් පවසන්නේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවේ සැළසුම හරිම සරලයි යනුවෙන්ය.


“ඉහළ ලකුණු ලබා ගැනීමට උපකාරී වන බලගතු පිතිකරුවන්ගෙන් පිරුණු පිතිකරණ පෙළගැස්මක් සහ බුම්රා වැනි පන්දු යවන්නෙකු විසින් අඩු ලකුණු අතර පිතිකරුවන් තබා ගැනීමට දක්වන දක්ෂතාවයම වුව ජයග්‍රහණය සඳහා බොහෝ විට ප්‍රමාණවත්.” යනුවෙන් පැවසූ නසාර් හුසේන්, ඔහු නිරපේක්ෂ දක්ෂයෙක් යනුවෙන් ද බුම්රාව ඉහළින් අගය කරනු ලැබුවා.ඔහු නැවත නැවත පැවසුවේ එම කරුණු දෙක එකතු වූ විට ඉන්දියාව පරාජය කළ නොහැකියි, යන්නයි.
නවසීලන්තය නැවතත් හදවත් දිනා ගත්තා, නමුත් කුසලානය නොවේ. ඉන්දියාව නැවතත් හදවත් බිඳ දමා කුසලානය දිනා ගත්තා. කණ්ඩායම් දෙකේ තත්ත්වය සහ ප්‍රතිපලය සසඳමින් නසාර් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.


‘නවසිලන්තය පවර්ප්ලේ තුළ පන්දු යැවූ ආකාරය ගැන නසාර්ගේ වැඩි කැමත්තක් නැතත් ඔහු පවසන්නේ අවංකවම ඉන්දියාව දැන් වසර ගණනාවක් තිස්සේ හොඳම T20I කණ්ඩායම බවයි,
‘පසුගිය ලෝක කුසලානය සහ මෙම ලෝක කුසලානය අතර ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 85ක්,” යනුවෙන් ද නසාර් හුසේන් ඉන්දියාවේ දක්ෂතාවය කරුණු දක්වමින් පැහැදිළි කරනවා.


එහෙත් තරගයට පෙර නසාර් ඉන්දියාව මේ තරගයේදී තණතීරුව සකස් කරන ආකාරයේ සිටම තරගයට අනිසි බලපෑමක් ඇති කරන්නට උත්සාහ කරන බව කියන විඩියෝවක් ද සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරනවා.නසාර් එහිදි අතැම් කරුණු පවසන්නේ ඔහුට ලැබුණු ආරංචි හැටියට මිස ඒවා ස්ථිරවම ඉටු වූ බව හෝ ඉටු කරන බවට සාක්ෂි සහිතව ඔප්පු කරමින් නොවේ.කෙසේ වුවත් මේ සටහනේ නසාර්ගේ ඉන්දියාව පැසසීම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණු ප්‍රකාශයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...