විදුලි සේවකයින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වැඩ වරුමකට සූදානම් වෙයි.

ඒ අනුව අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවයි.

ඒ අනුව සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බව ඔවුන් අවධාරණය කරයි.

බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇති නමුත් බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24 කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වී තිබේ.

ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...