තනතුරු,පට්ටම් වෙනුවෙන් ආණ්ඩුවට කඩේ යන පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්! (VIDEO)

Date:

පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය අභිබවා ගොස් ආණ්ඩුවේ හොර මැරකම් රකින්න කටයුතු කරන්නේ නම් එවැනි නිලධාරීන්ට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පාසල් ඇර තිබෙන වෙලාවේ කුඩා දරුවන් සිටින බවට දැක දැක කඳුළු ගෑස් ගැසුවේ කාගේ නියෝගයකින්ද යන්න ප්‍රශ්න කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”අද සමාජ මාධ්‍ය හරහා පුංචි දරුවෝ ඇස් දෙක පියාගෙන ඇඩු කඳුලින් යන්න තැන් හොයමින් මහා විශාල අදෝනා දෙමින් කටයුතු කරනවා දකිනකොට අපිට මහා විශාල වේදනාවක් දැනෙන්නේ. ඒ නිසා මේ වගේ බරපතල විනය විරෝධී හැසිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා,රජය,පොලිසිය භාර ඇමතිවරයා මේ මර්දනය සිද්ධ කරපු පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න විනය ක්‍රියාමාර්ග පිළිබඳව අපි බලාගෙන ඉන්නවා.”

හුදෙක් තමන්ගේ තනතුර,පට්ටම,වරප්‍රසාද මත කටයුතු කරන පොලිස් නිලධාරීන් සිටින බවට පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ගුරුවරු දරුවන් සිටින බවට ප්‍රකාශ කරද්දීත් එය නොසලකා හරිමින් ඔවුන්ට බැන වදිමින් කටයුතු කරන ආණ්ඩුවට කඩේ යන නිලධරීන් පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

දරුවන්ට සිදු වූ හිංසනය සුළුපටු නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...