චමල් රාජපක්ෂටත් පාර්ලිමේන්තුවේ තනතුරක්

Date:

නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් ඊයේ (08) තේරී පත්වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා චමල් රාජපක්ෂ මහතාගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා එය ස්ථිර කළේය.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත්වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳ ඉදිරියේදී සලකා බැලීම පිළිබඳව ඊයේ දිනයේඬ්ඊ සාකච්ඡා වී ඇති අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් මෙම කමිටුවේ සම්බන්ධීකරණයෙන් වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමට ද කාරක සභාවේදී තීරණය වී ඇති බව සඳහන්

මෙම කාරකසභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන කණක හේරත්, අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ජී. ජී. පොන්නම්බලම්, කෝකිලා ගුණවර්ධන සහ සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...