වෙඩිල්ල 5 – කවි කෝලම: කවුන්සිලේ දුටු රූ ඔබෙ නොවෙද්දෝ

Date:

හිමිකම් කවුන්සිලයේ යස රුවක් පෙනී
මැලුකම්තුමෙනි මගෙ හදවත කැළැම්බුනී
රජකම් කරනවුන් ඔබටත් නරක් වුනී
කළකම් මතක් වී මවිලුත් කෙලින් වුනී

‘බටහිර ලොවේ නින්දිත නීච මායම
මානව හිමිකම්ය මේ අලුත් ආගම’
වචන රවුම් කර, ඔබ එලෙස කීවම
කන්නම හිතුණා බටහිර යක්කු සේරොම

‘ආගම් අදහගන්නේ නැති මිනිසුන් නේ
මානව හිමිකම් වලම එල්ලිල ඉන්නේ’
ඔබ කී වදන් රැව් පිට පිළිරැව් දෙන්නේ
හිමියනි, කවුන්සිලයේ කවුරුද උන්නේ

‘හේයි ජිනීවා’ බටහිර නොවෙද්දෝ
ඔබ කී ‘අලුත් ආගම’ එහි නොවෙද්දෝ
කවුන්සිලේ දුටු රූ ඔබෙ නොවෙද්දෝ
ඔබ වත පැළඳගත් වෙන කවුරුවද්දෝ?

බටහිර කුමන්ත්‍රණ අනෙ මුතු ඇටේයා
දැවටුණ තරම් රන් වස්සන් වටේයා
රජ මැදුරටම ගියෙ කොටළුව පිටේයා
දැන් නම් ඉතින් මසුරන්ම ය කටේයා

හීනයෙන් එදා රැස්පොට් දකින්නෙමි
සෝකයෙන් පෙඟී නින්දෙන් මිදෙන්නෙමි
කීවොතින් ඔබා, බෙල්ලත් පුදන්නෙමි
කාදිනල්තුමා මැන්ෂන් කරන්නෙමි

-කෞ ද බෝයි

පෙර කෝල​ම්

වෙඩිල්ල 2 – කවි කෝලම: පැලෝපීය නාල ම මිරිකන හැත්ත

වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා

වෙඩිල්ල 4 – කවි කෝලම: තාමත් ලව් නේද හිත යටින් ලොක්කට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...