චිරං ජයතු බාහු – පමා වූ උපන්දින සුබපැතුමක්

Date:

මට හිතෙන්නෙ බාහු කියන්නෙ මේ පුංචි දූපතේ කවදාවත් වියපත් වෙන්නෙ නැති වාමාංශික පරමාදර්ශයක්.

ලාංකීය දේශපාලන වෙළඳපොලේ ඕන තරම් විකිනෙන්ට ඉඩ ප්‍රස්තාව තිබියදීත් මේ ඇත්ත ප්‍රාඥයා කවදාවත් විකිනුනේ නෑ. ඔහුගේ පැරණි දේශපාලන මිත්‍රයා වාසු පජාති විදියට ගෝත්‍ර කඳවුරට කාසි වලට විකිනෙද්දී බාහු ඔහු දෙස උපේක්ෂාවෙන් බලා හිටියා …

සුළු ජනවර්ග වලට හෙණ පිට හෙණ පාත්වෙද්දි ඔහු ඉන්ද්‍රඛීලයක් වගෙ නොසැලී අති දුෂ්කර කාලවලදී ඇතැම් විට තනිවම ඔවුන් වෙනුවෙන් පෙනීසිටියා.

කොතනක හරි පීඩිතයන්ගෙ අරගලයක් තිබුන නම් සහබාගි වෙන්නෙ කීදෙනෙක්ද යන්න ඔහුට අදාල උනේ නෑ. කතා කලා නම් රබර් සෙරෙප්පු දෙකයි රතු කමිසෙයි ඇඳන් මේ අනුරාගී සටන් කරුවා ආවා …

බාහු, ඔබ වියපත් නැත. ඔබ අපටත් වඩා සියවසකින් තරුණය ජවසම්පන්නය !

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...