*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පුටින් කරපු දේ හරි – රනිල් (Video)

පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙය බටහිර රටවල් සහ රුසියාව අතර ගැටුමක් ලෙස හැඳින්විය හැකි බවත්, යුක්රේනය ඊට මැදි වී සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. බටහිර රටවල් යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, යුක්රේනය නේටෝව හා සම්බන්ධ වීම රුසියාවට තර්ජනයක් ලෙස පුටින් සිතන බවත් පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට එය ප්‍රධාන හේතුවක් බවයි.

ඒ නිසා හමුදාමය උපක්‍රමයක් ලෙස රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිවැරදි බවත්, කෙසේ නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් යුක්රේනය ආක්‍රමණය කිරීමට එකඟ විය නොහැකි බවත් එජාප නායකයා සඳහන් කරනවා.

බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හමුවේ රුසියාවට යම් ගැටලුවක් ඇතිවිය හැකි නමුත් චීනය ඔවුන්ගේ සාහයට සිටින ඇති බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan