*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

ලුම්බිණි පුහුණකරුවෙක්ගෙ ජීවිතය ගැන ජාතික රගර් පරිපාලනයේ ලොක්කෙක් කළ සෙල්ලම

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 10, කොළඹ (LNW): ශ්‍රී ලංකා රග්බි පරිපාලනය වගකීම් විරහිතව වැඩ කරන තැනක් බවට පත්වෙමින් තිබෙන බවත්,විවිධ හිතවත්කම් පදනම් කරගෙන එහි සිටින විවිධ පුද්ගලයන්ට සංගමය වෙනුවෙන් ප්‍රකාශ කළ හැකි බවත් පෙනෙන්නට ඇත.ලුම්බිණි විද්‍යාලයේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් බඳවා ගත් පුහුණුකරුවන් ගැන විමසා ශ්‍රී ලංකා රග්බි වෙත සෘජුව ලිපියක් යොමු කරන්නේ ආදි ලුම්බිණි රගර් සංගමය නම් ආයතනයක්ය.


එම සංගමය ශ්‍රී ලංකා රග්බි වෙත ලිපියක් යොමු කරන්නේ පෙබරවාරි 26 වන දා ය.එහෙත් අපට ඇති දැණුම අනුව මෙසේ ලිපියක් යොමු කිරීමේ නෛතික බලයක් එම විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියා වන විදුහල්පතිට මිස වෙනත් අයෙකුට තිබිය නොහැක.විදුහල්පතිවරයාට නිල ආදි ශිෂ්‍ය සංගමයක් වෙත යම් බලයක් පැවරිය හැකි අතර එහෙත් විද්‍යාලයේ ක්‍රීඩාවන්ට උපකාර කිරීමේ පදනම මත අටවා ගත් ආදි ශිෂ්‍යයන්ගේ සියලු සංගම්වලට විද්‍යාලයේ එම ක්‍රීඩාව වෙනුවෙන් වගකීම සඳහා අවසර දෙන්නේ නැත.කවුරුන් පුහුණු කරන්නට පැමිණියද එම ක්‍රීඩාව භාර කොට ආචාර්යවරයෙක් පත් කරන්නේ මේ පාසල්වල සියලු සිසුන් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වගකීම් දරන්නා අධ්‍යාපන අමාත්‍යංශය වන බැවින් එම බලධාරීත්වය යටතේ සිටින පුද්ගලයා අධ්‍යාපන අමාත්‍යංශයට වගකිව යුතු බැවින්ය.
දැන් ගැටළුව මතුව ඇත්තේ රගර් පරිපාලනයට නෛතිකව වගකීමක් නැති සංගමයකට තොරතුරු නිකුත් කළ හැකිද යන්නෙහිය.

මිත්‍රයෙකුට හෝ නැතිනම් වෙනත් හිතවත් බැදීමක් කරන අයෙකුට හෝ තමන් කැමති සේවයක් සපයන්නෙකුට පෞද්ගලිකව තොරතුරක් කීම වැළක්විය නොහැකි දෙයකි.(සුදුසුබව නොකියමි) එහෙත් තමන් නියෝජනය කරන සංවිධාන දෙකක් කවුරුන් හෝ ඒ පෞද්ගලිකත්වයේ සීමාවන්ට කැඳවා භාවිතයට ගන්නේනම් එතැන ඇත්තේ ගැටළුවකි.මෙම ලුම්බිණි ආදි සිසු සහ ශ්‍රී ලංකා රගර් අතර ගණුදෙනුව සිඳුවන්නේ එසේ වීනම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත් ශ්‍රී ලංකා රගර් කර තිබෙන දේ ගැන වගකීම් විරහිත බව ගැන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටද විමසීමට සිඳු වන්නේය.


ශ්‍රී ලංකා රගර් සභාපතිට සහ ලේකම්ට යොමු කරන ලිපියකට පළමුව සාවද්‍ය තොරතුරු සහිතව පිළිතුරු යොමු කරන්නේ එහි තරගාවලි කමිටු ප්‍රධානි රියල් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි ය.පුහුණුකරුවන් සම්බන්ධයෙන් දත්ත හෝ වෙනත් තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් තොරතුරු සැපයීමට කමිටුවක් සිටියදී නාවික හමුදාවේ සිටි ඉහළ නිලධාරියෙකු මේ ආකාරයෙන් හැසිරිම පුදුමය දනවන ක්‍රියාවක් නොවන්නේ ද?ගැටළු සහගත තත්ත්වයන් මතු වූ අසංග සෙනවිරත්න සහ ලසිත ගුණරත්න සමයේ හෝ මූල්‍යමය වශයෙන් කඉා වැටීම් සිඳු වුණ ද,බල්ලාගේ වැඩේ බූරුවා කරන ආකාරයේ ක්‍රියාවන් සිඳු නොවිණි.


උදය හෙට්ටිආරච්චිලා බලය ලබා ගෙන මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන පරිපාලනය ශ්‍රී ලංකා රගර් හි පෞරුෂය රැක ගැනීම වෙනුවෙන් ආසියාව සමඟ ද නොපසුබටව සටන් කළ පරිපාලන ව්‍යහුයකි.නමුත් ඒ පෞරුෂය වෙනුවෙන් දෙවන වරට ද තනතුරු හැරදමා යන්නට තරම් ක්‍රීඩාවට ආදරය මිස තනතුරුවලට ලොබ නොමැති රිස්ලි ඉල්ලියාස් කටයුතු කළේය.(ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමක් ද සිඳු වී ඇත.) එහෙත් ඉල්ලියාස්ගේ නික්ම යාමෙන් ඉනික්බිතිව වැඩබලන සභාපතිව පත් වූ පුද්ගලයාගේ සිටම සෘජුව සිය ගැනීම් වැනීම් බවට පත් වී ඇති අතර නායකත්වයට සරිලන සේ සෙස්සන් ද හැසිරීම මේ වන විට සනාත කරමින් හිටපු රියල් අද්මිරාල්වරයා ද තමන්ට අයිති දෙයටත් අයිති නැති දෙයටත් විනෝදාංශයක් ලෙස ලිපි ලියන්නෙක් බවට පත්ව ඇත.


අනෙකාගේ මරණය පවා ගැන නොසිතා කුරිරු විය හැකි ආකාරයට තමන්ගේ විනෝදංශය යොදාගන්නා උදය හෙට්ටිආරච්චි ලුමිබිණි ආදි රගර් සංගමයට පිළිතුරු දෙන ලිපියේ තිදෙනෙකුගේ ලිපි ගැන සඳහන් කරන්නේ False documentation submitted. ලෙස එම ලිය කියවිලි ව්‍යාජ බවය.මෙය පුද්ගලයන් සංගමයක් ඉදිරියේ නිවැරද්දේ නිරුවත් කර දැමීමකි.එය වගකීම් රහිත ජාතික සංගමයක නිලධාරියෙක් නොකළ යුතු අන්දමේ සාපරාධි අපහාසයක් බව පසුවදාම ඔප්පු වෙන්නේ මේ ලිපයට පසුදින එම ව්‍යාජ ලියකියවිලි එසේ නෙවෙන බවට ඉදිරිපත් කරන ලිපියකින්ය.එහි ඇතැම් ලියවිලි සනාත කර තවත් ලියවිලි ගැන අදහසක් ප්‍රකාශ කිරීමට තොරතුරු නැති බව කියන්නේ,උදය හෙට්ටිආරච්චි ඊට අදාළ අංශයේ නිලධාරියා නොවන නිසා විය හැකිය.

අනුන් වෙනුවෙන් කවුරුන් හෝ පිනවන්නට ඉක්මන් වී ඇති ඔහු පළමු ලිපියෙන් සාපරාධි ලෙස පුද්ගලයෙක් ව්‍යාජ ලෙස පෙනී සිටීම ගැන කරුණු ඉදිරිපත් කර සමාජයක් ඉදිරියේ චූදිතයෙක් කළ පසු,ඔහු ඇත්තටම ක්‍රීඩා කර ඇති සහ පුහුණුකර ඇති අයෙක් නොවුණානම් සමහර විට ජීවිතයට හානිකර විය හැකි තීරණයක් වුව ගන්නට තිබිණි.
ඒ නිසා ජාතික ක්‍රීඩා සංගමයකට මේ ආකාරයෙන් හැසිරෙන්න දීම කළ නොහැකිය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ දේශපාලනිකව බලපෑම් කර උපදේශකයන්ට රගර් හාන්න දෙන්න යැයි අපි නොකියමු.එවැනි තත්ත්වයක් තිබුණේනම් මෙවර අපූරුවට නිමා වුණ ලීග් සූරතාවය සහ ප්‍රතිමළුන් පිටු දැකීමේ සූරතාවය පිළිවෙල විනාශ වෙන්නටත් තිබිණ.

එහෙත් උදය හෙට්ටිආරච්චිලා වැනි තමන්ට අදාළ නොමැති විෂයන්වලටද තනතුරු දමාගෙන ලියුම් ලියා විහිළු සපයන නිලධාරීන්නම් පාලනයකට යටත් විය යුතුව ඇත.වැඩ බලන සභාපති ඉන්නේ නිත්‍ය සභාපතිව හැඩ බැලීමේ උවමනාවෙන් විය යුතුය.ඒ නිසා ඔහු තමන්ම ගත් තීන්දු තීරණ ද අමතක වූ සේ හැසිරෙමින් ඇත.ඔහු ගුවන් හමුදා නිලධාරියෙකි.උදය නාවික හමුදා නිලධාරියෙකි.විශ්‍රාමික මේ අය හැසිරෙන්නේ තමන්ගේ පහළ නිලධාරීන් තමන්ට ඕනි ඕනි හැටියට හැසිරිය යුතුය කියන උද්ධච්ඡ මානසිකත්වයේ ද සිතා ගන්නටත් අපහසුය.එහෙත් ඔවුන්ට වඩා මහජන නීතිය ගැන වෘත්තිමය නිපුනතාවක් සහ සමාජය සමඟ හමුදාවට වඩා සමීපව ගැවසීමක් ඇති පොලිස් නිළධාරියෙක් වූ ලේකම් ජමාල්ඩීන් ද මේ ආකාරයට තමන්ගේ සංගමයේ නිලධාරීන්ගේ හැසිරීම ජනාධිපති කොමිසමකින් සොයන්නට යෝජනා වෙන්නට ප්‍රථමයෙන් ජනාධිපතිව ආරක්ෂා කරන අතරතුරම රගර් ද ආරක්ෂා කරන්න අවධානය වැඩිපුර දිය යුතුව ඇත.


එසේම නාවික හමුදාවේ පරිපාලන වගකීම්ම දැරූ මහාචාර්ය රියල් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු ද,තමන්ට අනිසි වැඩක් කිරීම සහ වගකීමකින් තොරව මිනිස් ජීවිතවලට අවදානමක් වන පරිදි වගකිව යුතු සංගමයක් වෙනුවෙන් වගකීමක් නැතිව ප්‍රකාශයක් කිරීම ගැන රගර් මංගමයේ රියල් අද්මිරාල්වරයාට පහදා දෙන්නට පහසුවනු ඇතයි අපි විශ්වාස කරන්නෙමු.එසේම ලුම්බිණි විද්‍යාලයට අපකීර්තියක් වන ආකාරයට මේ සංගමය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විදුහල්පතිවරයා සහ එහි ප්‍රධාන වශයෙන් ආදි ශිෂ්‍යයන්ට වගකියන ආදි සිසු මව් සංගමය කුමක් කියන්නේ ද යන්නත් අපි විමසිලිමත්ව සිටිමු.එසේම විදුහල්පතිවරයා,මෙම කටයුත්ත සඳහා ආදි ලුම්බිණි රගර් සංගමයට බලය පැවරුවේනම්, මෙවැනි සිඳුවීමකදී ජාතික සංගමය සමග ගණුදෙනු කරන ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මේ තොරතුරු ලබා ගැනීම කෙරෙහි මැදිහත් කර නොගත්තේ ඇයි ද යන්නත් පැවසිය යුතුය.


එසේම උදය නානායක්කාරට මේ සිඳුවීමේදී රගර් පුහුණුකරුවන් සම්බන්ධ වගකීම පැවරෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපේ ඉඩ වෙන් කර තබන්නෙමු.එසේම සාවද්‍ය දත්ත ඉදිරිපත් කඝ බවට පුද්ගලයෙක් ගැන ශ්‍රී ලංකා රගර් ලෙස සමූහයක් කියෝජනය කරන සංගමයකට තොරතුරු ලබා දී ඒ වැරදි තොරතුරු මත එම පුද්ගලයා කුමන හෝ හානිදායි තත්ත්වයක් ඇති කර ගන්නේනම් එහි වගකීම දරන්නේ ශ්‍රී ලංකා රගර් ද නැතිනම් ශ්‍රී ලංකා රගර් ලෙස පෙනී සිටිමින් ඒ සාවද්‍ය කරුණු සමාජගත කළ උදය හෙට්ටිආරච්චි ද යන්නත් අපි දැන ගැනීමට කැමත්තෙමු.


අපි අදාළ ලිපි ලේඛණ ප්‍රසිද්ධ නොකරමු.ඒ, එයින් අගතියට පත් කිරීමට උත්සාහක කළ පුහුණුකරුවන් එයින් අපහසුවට පත් වෙන බැවින්ය.එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීරණ වෙනස් කරමින් හැසිරෙන රගර් සභාපතිත්,තමන්ට අදාළ නොවන වැඩත්,තමන් ලබා දෙන පිළිතුරෙන් කාගේ හෝ ජීවිතයට වන හානියොවත් නොසළකා නිල උන්මාදයෙන් වැඩ කරන උදය නානායක්කරගේත් ඡායාරූප අපි අමුණා පළ කරන්නෙමු.ඊට ජනාධිපතිගේ ආරක්ෂාව ගැන තරමටම රගර් හී සිඳුවන උන්මත්තක ක්‍රියා ද සොයා බැලිය යුතු බවත්,එසේ නොකිරීම වගකීම් නොසළකා හැරීමක් ලෙස ඔබද වගකීමට යටත්වන දවසක් උදාවෙනු ඇති බවත් අපි පවසන්නෙමු.ඒ නිසා ලේකම්වරයාගේ ඡායාරූපයද අප මෙම සටහන සමඟ අමුණා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan