සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 10, කොළඹ (LNW): අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ දකුණු ආසියානු බැඩිමින්ටන් සූරතාවලිය ශ්‍රී ලංකාවේ අණසකට යටත් කර ගත් ලාංකේය ක්‍රීඩකයින් ඉකුත් වසරේ නේපාලයේදි දැක් වූ දස්කම් යළිත් සනාත කරනු ලැබුවා.ඒ අතර ඉකුත් වසරේදි අවුරුදු 15 න් පහළ කාණ්ඩයේ සූරතාවය දිනූ නෙත්මි රත්නායක මෙවර අවුරුදු 17 න් පහළ කාණ්ඩයේදී නැවත වරක් සිය හැකියාවන් පෙන්වමින් ත්‍රිත්ව සූරතා දිනා ගත්තා.
ඇය මෙන්ම අවුරුදු 15 න් පහළ බාලක අංශයෙන් තරග වැදුණු අමාවන් අමරසිංහ ද දකුණු ආසියාවම සිය අණසකට යටත් කර ගනිමින් ත්‍රිත්ව සූරතා දිනා ගනු ලැබුවා.එහෙත් අමාවන් කණ්ඩායම් තරගාවලියේ දී පකිස්තානු ක්‍රීඩක අබ්දූල් හසීබ් ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේය.ඒ නිසා මේ තරගයේ පරාජයක සළකුණක් හෝ අසළට ඒමට නොදෙමින් කැපී පෙණුනම පිහාටු මල් කැකුළ බවට පත් වෙන්නට සමත් වුණේ නෙත්මි රත්නායකය.
ශ්‍රී ලංකාවට රන් පදක්කම් 10 න් අහිම් වූයේ එක් රන් පදක්කමක් පමණි.අහිමි වූ රන් පදක්කම දිනා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණ ද,ඒ සඳහා අවස්ථාව උදා කර ගන්නට නොහැකි වූයේ තේජන හේරත් ට මිහිල ජයවීරට ය.ඒ අවුරුදු 17 න් පහළ බාලක යුගල තරගයේදී ය.එහිදී ඔවුන් දෙදෙනා හිමිකර ගත් රිදී පදක්කමත් සමඟ ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම් ගණන හයක් විය.මිහිල සහ තේජන දිනා ගත් රන් පදක්කමට උඩින් පකිස්තානයේ රන් පදක්කම රැඳුණත් අනිත් රිදී පදක්කම් පහටම ඉහළින් රන් පදක්කම් තිබුණේ ද ශ්‍රී ලංකාව සතුවය.ශ්‍රී ලංකාව මෙහිදී දිනා ගත් එන් පදක්කම් ප්‍රමාණය 9 කි.
මෙම කණ්ඩායමට පුහුණුකරු වශයෙන් රජිත් දහනායක එක් විය.සහය පුහුණුකරු ඉරේස් ඩි සිල්වා ය.කාන්තා නිලධාරිණිය ලෙස තරංගා විමලසූරිය එක්ව සිටියාය.
