*
Monday, May 6, 2024
spot_img

Latest Posts

බිව්වා නේද වදකහ සුදිය : රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගත්තේ අද නෙවෙයි ඊයේ …

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වුණායින් පස්සේ පළමු වරට මහජන රැළියකදී ජනතාව අමතන්නේ අදයි. (10) ඒ කුලියාපිටියේදී. ඉතින් බොහෝ දෙනා හිතාන ඉන්නේ රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගන්නේ අද හවස කුලියාපිටිය නගරසභා පිටියෙන් කියලායි. ඒත් ඇත්තටම රනිල් තමන්ගේ කැම්පේන් එක පටන් ගත්තේ ඊයේ SSC ක්‍රීඩා පිටියෙන්.

හරියටම කිව්වොත් කොළඹ රාජකීය – ශාන්ත තෝමස් බිග් මැච් එකේදී තමයි රනිල් වැඩ ඇල්ලුවේ, ඒකත් තමුන්ගෙම ක්‍රමයට. රෝයල් ආදි ශිෂ්‍යයන්ගේ පැවිලියන් එකේ හිටපු සංගීත කණ්ඩායමට “බිව්වා නේද වදකහ සුදිය” සිංදුව ගහන්න කියලා රනිල් කිව්වා. රනිලුත් මයික් එක අල්ලාගෙන එහෙන් මෙහෙන් ටිකක් සිංදුව කිව්වා. ඊළඟට “රෝසා” සිංදුව ගහන්න කියලාත් කිව්වා. ඔය වීඩියෝ ක්ලිප් එක ටීවී චැනල්, යූටියුබ්, ෆේස්බුක්, වට්ස් ඇප් හරහා ලක්ෂ ගණනකට ෂෙයා වෙන්න ඇති මේ වෙද්දී. සමහරු ජොලියට ෂෙයා කරනවා, සමහරු බැන බැන ෂෙයා කරනවා, කොහොමින් හරි රනිල්ගේ වැඩේ කෙරෙනවා.

ඇත්තටම ඉතින් ලංකාවේ මීඩියා හරියටම නටවන්න ඕනෙ කොහොමද කියලා හොඳටම දන්න මිනිහා තමයි රනිල්. පී ආර් ඒජන්සියකට කියලා කරවාගත්තා නම් රුපියල් මිලියන සීයක විතර බජට් එකක් වැටෙන ප්‍රචාරණයක් රනිල් ඊයේ විනාඩි කීපයක් ඇතුළත නොමිලේම ගොඩදාගත්තා. අපිත් ඇතුළුව ලක්ෂ ගාණක් අනිච්ඡානුගතවම ඒක ෂෙයා කරලා දුන්නා.

අනික රනිල් ඔය වැඩේ පටන් ගත්තේ තමන්ගෙ පන්තිය එකතුවෙන තැනින්. රෝයල් එකේ ආදි ශිෂ්‍යයෝ කියන්නේ කොළඹ ඉහළම පන්ති ස්ථරයේ නියෝජනය. ලංකාවේ දේශපාලනයේදී ඔය ස්ථරය පැනලා සහාය දෙන්නෙත් රනිල්ටම විතරයි. ඒ වගේම ඔය කට්ටියගේ සහාය නැතිව ලංකාවේ ආණ්ඩුවක් කරගෙන යන්නත් අමාරුයි. ඉතින් රනිල් තමන්ගේ පන්ති නියෝජනය තහවුරු කරගනිමින් ඊයේ කැම්පේන් එක පටන් ගත්තාය කියලා කියන්න පුළුවන්.

ඔතන හිටපු බහුතරය සිංහලෙන් කියනවා නම් කියන්නෙත් ඔය බයිලා සිංදු ටික විතරයි, ඒකෙත් වචන හරියට එයාලාට මතකත් නෑ. ඒ අස්සේ රනිල් ඇවිත් බයිලාවෙන්ම වැඩේ ගොඩදාගත්තු එකත්, ඒ වැඩේ පවා “බිව්වා නේද වදකහ සුදිය” කියලාම පටන් ගත්තු එකත් වෙනම කල්පනා කරන්න ඕනෙ ඒවා.

අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නේ රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් කරන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංගම කියනවා වගේ රනිල් කියන්නේ “කපටි නරියා”ම තමා කියලායි.

මේක කියද්දී රනිල්ගේ මාමණ්ඩිය වුණු ජේ.ආර්. ගේ රසකතාවකුත් මතක් වුණා. අවුරුදු ගාණකට කලින් කොළඹ ටවර් හෝල් රඟහලේ පැවතුණු ජෝති උපහාර සංගීත ප්‍රසංගයකදී ජේ. ආර්. මයික් එක අරගෙන ඔහොම සිංදුවක් කියන්න ගත්තා ලු. “මේ දෑස මගේ පින්වන්තයි … එකොළහයි …” කියලා ලොක්කා කිව්වාලු පටන් ගත්තු ගමන්ම. ඒ වෙලාවේ ජේආර්ගේ සෙකට්‍රි කෙනෙක් වුණු මැණික්දිවෙල කෑගහලා කිව්වා ලු “සර් ඔය එකොළහ නෙවෙයි. රිපීට් කෝරස්” කියලා. ජේආරුත් මොකුත්ම නොවුණු ගාණට කිසි කලබලයක් නැතිව “තේරුණේ දැන් තමයි …” කිව්වා ලු.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan