හොරණ ඉතිහාසය උඩුයටිකුරු කරමින් වැඩිම සෙනඟක් ගෙන්වූ කවුද මේ වාසනා දයානන්ද ?

Date:

මාර්තු 08 වනදා හොරණ මහජන ක්‍රීඩාංගනයේ පැවති අති දැවැන්ත සංගීත සංදර්ශනයට අති විශාල සෙනඟක් එක්ව සිටි අතර එය මෙතෙක් ඉතිහාසයේ හොරණට වැඩිම සෙනඟක් එකතු වුණු සංගීත සංදර්ශනය වශයෙන් ද සැලකේ.

මෙම සංගීත සංදර්ශනය පවත්වා තිබුණේ හොරණ වාසනා බේකර්ස් ආයතනයට වසර 30ක් සම්පූර්ණ වීම සමරමින් වන අතර එය වාසනා මෙගා නයිට් යනුවෙන් නම්කර තිබිණි. මෙහි ආරම්භක අවස්ථාවට ආරාධිතයකු වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියේය.

කිංස්ලි පීරිස්, සේනානායක වේරලියද්ද, නිරෝෂා විරාජිනී, අසංග ප්‍රියමන්ත පීරිස්, භාතිය – සංතුෂ්, හනා සෆා, කාංචනා අනුරාධි, ජයශ්‍රී ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ද මීට එක්ව සිටි අතර රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයනු ලැබිණි.

මෙම සංගීත සංදර්ශනය අතරතුර තරුණයෙකු අඩි 30ක උසකට නැඟී නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබිණි.

හොරණ ප්‍රදේශයේ ජනතාවගේ විනෝදාස්වාදය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ මෙම දැවැන්ත සංගීත සංදර්ශනයේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ ලද්දේ හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා විසිනි. දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයකින් යුත් හොරණ වාසනා බේකර්ස් ව්‍යාපාරය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික සම්බන්ධතා ද ඇති දයානන්ද බෝඹුවල මහතා අලි ඇතුන් ද හිමි අයෙකි.

ඔහු අසූව දශකයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයකු වශයෙන් ද කටයුතු කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...