කොළඹ මහ නගර සභාවට මාලිමාව බල්තසාර් එවද්දී සමඟිය එරාන්ව සූදානම් කරයි!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව කොළඹ මහ නගර සභාවට සමඟි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍යවරයෙක් වූ එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී නැතත් දැනට වාර්තා වෙන අන්දමට කොළඹ මහ නගර සභාවේ සමඟි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති බව අද (10) කඩුවෙල නගර සභාවට ඇප තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

උගත්, බුද්ධිමත්,හොඳ අධ්‍යාපනයක් සහිත ජනතාව සමඟ සිටින පුද්ගලයෙක් ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඊට වඩා සුදුසු බවයි ඇය පැවසුවේ.

විටෙක කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා ඉහළින් සිටින තනතුරක් ලෙස කොළඹ නගර සභාව වැනි තැනකට නගරාධිපති ලෙස පත්විය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්විය හැකි පුද්ගලයෙක් බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියාය.

මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...