*
Monday, March 10, 2025
spot_img

Latest Posts

යුක්රේන ජනපති ට්‍රම්ප්ට එවූ රහස් ලිපියෙන් සියල්ල උඩුයටිකුරුවේ…..?

facebook sharing button

අශෝක ජයතුංග

මාර්තු 10 වොෂින්ටන් LNW :

🍎සෙලෙන්ස්කි වොෂින්ටනයට සාදරයෙන් පිළිගන්නවායි ට්‍රම්ප් කියන්නේ ඇයි……?

🍎ට්‍රම්ප් චීනයෙන් ටියුෂන් ගත්තා ද……?

🍎යුද්ධ නැති ලෝක සාමයක් කරා යන ට්‍රම්ප් සමය…..!

ට්‍රම්ප් පසුගියදා වොෂින්ටන් DC  කැපිටල් හිල් හි ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතමින් සිය පාළනය තුළ මෙතෙක් ගත් හා ගැනීමට අපේක්ෂා කරන තීන්දු තීරණ ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ට්‍රම්ප් තමාට ලැබුණු විශේෂ රහස් ලිපියක් ද කොංග්‍රසයට ඉදිරිපත් කළේය.

එම ලිපිය එවා තිබුණේ පසුගියදා වොෂින්ටන් ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හා උප ජනපති වෑන්ස් සමග ඇරගෙන කෑමත් නොකා එදිනට නියමිත ගිවිසුම් ද අත්සන් නොකර පිටව පළාගිය යුක්රේන ජනපති සෙලෙන්ස්කි ය. තමා සාම ගිවිසුමට හා ඛනිජ සම්පත් ඇමෙරිකාවට ලබා දෙන ගිවිසුම් අත්සන් කිරීමට නැවත වොෂින්ටනයට පැමිණීමට සුදානම් බව සෙලෙන්ස්කි එම ලිපියෙන් අවධාරණය කොට තිබිණ.

එය ට්‍රම්ප් හා ඇමෙරිකාව ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. ට්‍රම්ප් සමග ඇරගෙන යන අතරේ බ්‍රිතාන්‍ය අගමැති  ගේ ඇරයුමෙන් ලන්ඩන් වල බැස අගමැති හා චාල්ස් රජු මෙන්ම පසුදා නේටෝ සංවිධානයේ සියලු රාජ්‍ය නායකයන් හමුවීමට සෙලෙන්ස්කිට ඉඩකඩ විවර වුවද රුසියාවට එරෙහි යුද්ධය දිගටම පවත්වාගෙන යාමට ආධාර හා අනුබල ලැබුණ ද ඇමෙරිකාව නැතිව එය ඉදිරියට ගෙනයාමේ හැකියාව එම රටවලට නොමැති බව පසුව සෙලෙන්ස්කි හා එම රාජ්‍ය නායකයන්ට අවබෝද වූහ.

ඇමෙරිකාව මේ වනවිට ඩො බිලි 350 ක යුද උපකරණ හා මුදල් යුක්රේනයට සපයා ඇති බව ට්‍රම්ප් එළිකළේ සෙලෙන්ස්කි සමග වොෂින්ටනයේ දී ඇරගත් වෙලාවේය. වෙනත් ආරංචි මාර්ග කියනුයේ ඇමෙරිකාව දැනට ඩො බිලියන 119 ක මුදල් යුක්රේනයට ලබාදී ඇති බවය. බයිඩන් ගේ සමයේ ඩො බිලි 175 ක මුදල් යුක්රේනයට පොරොන්දුවී තිබුණ ද ඉතිරි ඩො බිලි 56  ලබා නොදීමේ පසුබිමට ට්‍රම්ප් ආණ්ඩුව ගමන් කරන බව යුක්රේනය හා එම මිත්‍ර රටවල් වලට තේරුම් යාම සෙලෙන්ස්කිගේ රිවස් යාමට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය.

තවද නවීණතම තාක්ෂණය හරහා ඇමෙරිකාව ලබා ගන්නා බුද්ධි තොරතුරු යුක්රේනයට සැපයීම ඔවුන්ට ලැබුණු සුවිශේෂම අනුග්‍රහයවූ අතර එය නවතා දැමීමට ට්‍රම්ප් ගත් උපාය මාර්ගික ක්‍රියා මාර්ගය තත්වය උඩුයටිකුරු කළේය. ඒ තුළ ඇමෙරිකාව නොමැතිව මෙම යුද්ධය මාස 04කට වඩා පවත්වාගෙන යාමට නොහැකි බව බටහිර යුද විශේෂඥයන් ගේ විග්‍රහය තුළ ඇමෙරිකාවට නැමෙනවා හැර සෙලෙන්ස්කි ට කළ හැකි වෙනත් විකල්පයක් ඉතිර වුයේ නැත. ඔහු ට්‍රම්ප් ට රහස් ලිපිය යැව්වේ ඒ තුළය.

“සාමයට කැමති සෙලෙන්ස්කි යළිත් වොෂින්ටනයට සාදරයෙන් පිළිගන්නවා. යුද වලින් මිනිස් ජීවිත හා දේපොළ අහිමිවීමට ලෝකය තිත තැබිය යුතුමයි”කැපිටල් හිල් වෙතින් එළියට පැමිණි ට්‍රම්ප් මාධ්‍යයට කීවේය. ට්‍රම්ප් දරදඩු හා විටෙක විශ්වාස කළ නොහැකි තීන්දු ගන්නා අයෙකු බව සමහරු කීව ද ඇමෙරිකාව යළි නගාසිටුවීමට නම් අනුන්ගේ යුද්ධ වලට පැටලීමෙන් වැළකිය යුතු බව ට්‍රම්ප් කල්පනා කිරීම ඉතා නිවැරදිය. වත්මන් චීනයේ දැවැන්ත දියුණුවට ප්‍රධාන හේතුව ඔවුන් හා ඔවුන්ගේ මුදල් වසර 60කින් යුද්ධයට බිළි නොකිඑීම බව ට්‍රම්ප් ඉතා හොදින් තේරුම් කරගෙන සිටින බව පෙනේ. එය රටක් ලෙස ඇමෙරිකාව හා එම ජනතාව පමණක් නොව ලෝක සාමය ද ලබනා විජයග්‍රහණයක්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan