ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වගේ මේ පාරත් රැල්ලට අහුවෙන්න එපා – හිරුණිකා

Date:

කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ගත් තීන්දුව නිවැරදිද නැද්ද යන්න දැන් ජනතාව විසින්ම තීරණය කළ යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (10) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කඩුවෙල මහ නගර සභාව වෙනුවෙන් සමඟි ජන බලවේගයයේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට රටේ පොලීසියට පොලිස්පතිව සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන අතර පොලීසියේ පෞර්ෂයට මෙලෙස සිදුව ඇත්තේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් බව හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙන් පළාත් පාලන මැතිවරණයද රැල්ලට හසුවිය යුතු නැති බවයි ඇය පැවසුවේ.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යනු ගමේ වැඩකර ගැනීමට ඇති ආයතන වන හෙයින් එම තැන්වලට පළපුරුදු,වැඩකරපු අය පත්කරගත යුතු වන බවත් එසේ නොවන්නේ නම් ආණ්ඩුව දැනටමත් කරන අදාළත්වයක් නැති වැඩ සිය ගණනින් වැඩිවනු ඇති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

”ජනාධිපතිවරණයේදී විශාල බලාපොරොත්තු තියාගෙන කතාවලට අහුවෙලා ජනාධිපති කෙනෙක් පත් කළා. මහ මැතිවරණයේදීත් දේශපාලන වේදිකාවේ දැකලවත නැති අයව කතාවලට අහුවෙලා දැන් 159ක් පාර්ලිමේන්තුවට පත්කරගෙන ඉන්නවා. දැන් ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගෙවල්වලට පනින රිලව් ගණන් කරන එක. 15වෙනිදා සුභ නැකතට ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ ඒ වගේ වැඩවලට. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා උදේට තමන්ගේ දරුවන්ව ඉස්කෝලේ යවන්න තියෙනවා,.වැඩවලට යන්න තියෙනවා එහෙම තියෙද්දී ගෙදර මිදුලේ උඩබලන් ගස් දිහා බලාගෙන විනාඩි පහක් තුළ ගෙදරට ගෙදරට පනින රිලව් ගණින තත්ත්වෙට ආණ්ඩුව පත්වෙලා. රටේ මුමූලිකත්වය දෙන්න ඕනේ මොකක්ද කියන එක ගැනවත් ආණ්ඩුවේ මිනිස්සු දන්නේ නැති තත්ත්වයට පත්වෙලා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...