සේවක වැඩ වැරුමක් – ජර්මනියේ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වෙයි!

කොළඹ LNW:ෆ්‍රෑන්ක්ෆර්ට් සහ මියුනිච් ඇතුළු ජර්මනියේ ගුවන් තොටුපොළ 13 සේවක වර්ජනයක් හේතුවෙන් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී තිබේ.

එක් දින වැඩවර්ජනයක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනයට ගුවන් තොටුපොළවල රාජ්‍ය අංශයේ සේවකයින් මෙන්ම භූමි හා ආරක්ෂක කාර්ය මණ්ඩලය ද ඊට සම්බන්ධ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදා දින මෙම වැඩවර්ජනය ගැන එම වෘත්තීය සමිති විසින් අනතුරු ඇඟවීම් කර තිබෙන අතර නොවිසඳුණු වැටුප් ප්‍රශ්න මෙම වැඩවර්ජනයට හේතුවී තිබේ.

ඊයේ (09) දින හැම්බර්ග් ගුවන් තොටුපොලේදී හදිසියේම මෙන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙන අතර පසුව එය රට පුර ව්‍යාප්ත වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ජර්මනියේ ප්‍රධානම ගුවන් තොටුපොලක් වන ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ දවසේ නියමිත ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් 1,116 න් 1,054 ක් අවලංගු කර ඇති බව සඳහන්.

රට පුරා ගුවන් ගමන් වාර 3500කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙන අතර ගුවන් මගීන් 560,000ක් පමණ ඉන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...