Home පුවත් ක්‍රී​ඩා එච් ප්‍රේමසිරි අනුස්මරණ තරගාවලියේ දි පිරිමි යුගල සූරතාවය පරණ තරු යුගලකට

එච් ප්‍රේමසිරි අනුස්මරණ තරගාවලියේ දි පිරිමි යුගල සූරතාවය පරණ තරු යුගලකට

නිශ්මං රණසිංහ ,මාර්තු 10, කොළඹ LNW:

දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති ප්‍රේමසිරි හැළඹගේ අනුස්මරණ බැඩිමින්ටන් තරගාවලියේ දී කාලයක් ක්‍රීඩා කරනු නොදුටුව පැරණි ක්‍රීඩක යුගලයක් වන හසිත චානක සහ රජිත දහනායක තරගාවලියේ පිරිමි යුගල සූරයන් වීම කැපී පෙණුනා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග යි.මෙම තරගාවලියේ පිරිමි සූරතාවය තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටි ආශිංසන හේරත්ට හිමි වුණ අතර අන සූරතාවය යොවුන් ක්‍රීඩක කෙනත් අරුග්ගොඩ විසින් දිනා ගැනීම කැපී පෙණුනා.


කාන්තා තරග අංශයේදී කේවල සූරිය වූයේ නෙත්මි වන්නිආරච්චි යි.ඇය ඉදිරියේ අවසාන තරගයේදී පරාජයට පත් වූ ප්‍රවීනා විජේසුන්දර අනුරංගි මාස්කෝරාළ සමඟ එක්ව කාන්තා යුගල සූරතාවය දිනා ගැනීමට සමත් වුණා.ඉල්ලුම් කර තිබූ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා ඉදිරිපත් නොවීම දකින්නට ලැබිම අවාසනාවන්ත තත්ත්වයක්.මේ වන විට පරිපාලනයේ තිබෙන අස්ථාවර තත්ත්වය නිල මඩුල්ලේ සියල්ලම පාහේ ඉල්ලා අස්වීම වැනි කාරණා සමඟ ක්‍රීඩාවේ ස්වභාවය නියමුවෙකුගෙන් තොරව අඳෙන යානයක් තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් තරුණ ක්‍රීඩකයින් ක්‍රීඩාව අත් හැරීම නිසා මේ තරගාවලියට සහභාගි වී නැද්ද යන්න ක්‍රීඩාවේ ඉහළ බලධාරීන් සොයා බැලිය යුතුයි.


ප්‍රවීන ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනයේ අඩුවක් දකින්නට තිබුණු අතර රේණු චන්ද්‍රිකා සිල්වා ද කේවල ඉසව් නියෝජන නොකර මිශ්‍ර යුගල වයස් එකතුව 110 ට වැඩි කාණ්ඩයෙන් තරග වැදී එහි සූරතාවය රොහාන් ද සිල්වා සමඟ දිනා ගන්නට සමත් වුණා.