විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනක සබ්මැරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු ඊයේ (09) ප්‍රශ්න කළ අතර ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේය.
ප්‍රශ්නය – විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශය ගැන මොකක්ද අදහස ?
“මොකක්ද ?”
ප්‍රශ්නය – පාර්ලිමේන්තුවේදී මේ මිසයිල මොනවද, සබ්මැරීන් මොනවද කියලා එතුමා විමසීමක් කළා ?
“මං හිතන්නෙ එතුමා මොනවාහරි ස්පෙයා පාට්ස් කඩයක් දාන්න බලාපොරොත්තුවක් ඇති සබ්මැරීන්වලට”




