*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

VFS Global හී සැලකුම් හමුවේ වීසා අයදුම්කරුවන් විඳින ගැහැට

ශ්‍රී ලංකාව තුළ දුක්ඛිත කාලය අඛණ්ඩව පවතින අතර, දිවයිනේ වත්මන් තත්ත්වය හේතුවෙන් ජනතාව අපමණ දුක් විඳිති. මේ නිසා ඇතැමුන් වඩා යහපත් ජීවිතයක් සඳහා වෙනත් රටවලට සංක්‍රමණය වීමට තීරණය කර ඇති නමුත් ඔවුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පෙර තරණය කිරීමට සිදුවන අනවශ්‍ය කටුක බාධක රාශියක් ඇත. එම කම්කටොලු නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ පැරණි එක අලුත් කිරීමට පාස්පෝට් කාර්යාලයෙන් ආරම්භ වේ. පාස්පෝට් කාර්යාල පෝලිම්වල මිනිසුන් දිවා රෑ ගත කරති. අරගලයකින් පසු ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා අතර ඉන් පසුව වීසා සඳහා අයදුම් කිරීම තවත් දැවැන්ත අරගලයකි.

සෑම රටක්ම පාහේ ඔවුන්ගේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය කොළඹ VFS Global වෙත ලබා දී ඇති අතර මේ තත්වය යටතේ VFS Global ආයතනය යහමින් මුදල් උපයමින් සිටී. සංක්‍රමණය අපේක්ෂා කරන අයට අමතරව, වෙනත් රටවල සේවයේ නියුතුවන් සහ නිල සංචාරකයින් සහ ව්‍යාපාරික සංචාරකයින් ද අදාළ රටෙහි වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා VFS Global හි සේවය අපේක්ෂා කරයි.

VFS Global කාර්යාලවල ආරක්‍ෂක සේවා වල සිට මෙම වීසා අයදුම්කරුවන්ට මුහුණ දීමට වන දුක්ඛිත තත්ත්වය දැකීම ඉතා කණගාටුදායකය. ආරක්ෂක නිලධාරීන් අයදුම්කරුවන් ‘පික්පොකට් කරුවන්’ ලෙස සලකයි, ඔවුන් අයදුම්කරුවන් ඇමතීමේ දී ආචාරශීලී බවක් නැත. ආරක්ෂක පරීක්ෂාවෙන් පසු අයදුම්කරුවන්ට පැය ගණනක් කාර්යාලය තුළ රැඳී සිටීමට සිදු වේ. VFS පවසන්නේ සිය කාර්යාල පෙ.ව 8.30 ට ආරම්භ වන නමුත් ඇත්ත තත්වය නම් උදේ 9 පමණ වන තුරුත කවුන්ටර හිස්ය. ප්‍රමාද වී පැමිණීමෙන් පසු කවුන්ටර පාලනය කරන පුද්ගලයින්, ඔවුන්ගේ සේවය ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින් ගැන කිසිදු තැකීමකින් තොරව තම සගයන් සමඟ කතාබස් කිරීමට පටන් ගනී.

ඔවුන්ගේ කතාබස් සියල්ල අවසන් පසු ඔවුන් හමුවීම් අංක නිවේදනය කිරීමට පටන් ගනී, නමුත් එයද නිසි උච්චාරණයකින් නොවේ. වීසා අයැදුම්පත් ලබා ගැනීමට නියමිත කවුන්ටර කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් එතරම් අධ්‍යාපනයක් නොමැති එහෙත්, අහංකාර සහ නොහොබිනා හැසිරීමෙන් යුත් අය වෙති. පිරික්සුම් ලැයිස්තු හරහා යනවා වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ වීසා නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කරන අය ලෙස අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡා කිරීමටයි. අවිනිශ්චිත ගැටලුවකදී අයදුම්කරුවන් විසින් බොහෝ ඉල්ලීම් කළද ඔවුන් තම උසස් නිලධාරියා වෙත ගැටලුව යොමු නොකරයි. හාස්‍යයට කරුණ නම් අධීක්ෂණ කාර්ය මණ්ඩලය කිසිවකු මේ අවස්ට්ථාවල පෙනෙන්නෙට නොසිටීමයි. මෙම කවුන්ටර කාර්ය මණ්ඩලය හැසිරෙන ආකාරය සහ ඔවුන්ගේ රාජකාරි ඉටු කරන ආකාරය දෙස බැලූවිට ඉතා පැහැදිලිව පෙනෙන්නේ ඔවුන්ටට ලබා දී ඇති පුහුණුව ඉතා දුර්වල බව යි.

ඉතා මෑතකදී මම ජපන් තානාපති කාර්යාලය වෙනුවෙන් වීසා ඉල්ලුම්පත්‍ර එකතු කරන VFS Global වීසා මධ්‍යස්ථානයකට ගියෙමි. ඉහත සඳහන් ක්‍රියා පිළිවෙලම එහිදීත් දක්නට ලැබුණු අතර, එක්තරා වැදගත් පෙනුමක් ඇති මහත්මයෙකු මෙසේ පවසනු මට ඇසුණි. “කරුණකර මෝඩ ප්‍රශ්න අසා මට සමච්චල් කිර්රිම පසෙක තබා ඔබ මගේ අයදුම්පත ඉදිරිපත් කර මට වීසා ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට ජපන් තානාපති කාර්යාලයට ඉඩ දෙන්න”. මේ මට කන වැකුණු එක් අවස්ථාවක් පමණි. මෙම කවුන්ටර කාර්ය මණ්ඩලය අතිශයින් රළු පැවතුම් ඇත්තන් අතර බොහෝ අහිංසක වීසා බලපත්‍රලාභීන් වෙත උපහාසාත්මක ප්‍රකාශයන් ලබා දීමෙන් ඔවුහු තම සේවා විෂය පථයෙන් පරතෙරට ගොස් ඇති බව පෙන්වීමට උත්සාහ කරති. ඇතැම්විට ඔවුහු මෙම අයදුම්කරුවන්ට Gurami traffic -‘සරණාගතයින්’ යැයිද කියති. බොහෝ දෙනෙකුට එහි තේරුම නොතේරෙන්න පුළුවන් නමුත් ඔවුන් කියන දේ තේරුම් ගන්නා උගතුන්ද ඒ අතර විය. මට ගොඩක් දුක හිතුනා අපේ රටේ මිනිස්සු තමන්ගේ මිනිස්සුන්ට සලකන හැටි.

මෙම හිරිහැරවලට මුහුණ දීමෙන් පසු, ඔබේ අයදුම්පත ඔවුන්ව තෘප්තියට පත් කිරීමට තරම් ඔබ වාසනාවන්ත නම්, ඔබ අයදුම් කළ රටේ වීසා ගාස්තුව සහ VFS Global සඳහා ආදායම ලෙස සැලකෙන සේවා ගාස්තුවට සමාන මුදලක් දක්වන පත්‍රයක් ඔබට ලැබෙනු ඇත. මෙම එකතුව ඔබට VFS Global හි මුදල් අයකැමි වෙත මුදල් ගෙවිය යුතු අතර ඉන්පසු වීසා අනුමැතිය සහ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා රැඳී සිටිය යුතුය. මෙම දිනය අවම වශයෙන් සති කිහිපයකින් පසුව ඔබට දැනුම් දෙනු ලබන අතර, ඔබේ වීසා බලපත්‍රය සහ විදේශ ගමන් බලපත්‍රය ඔබේ මුල් ලේඛන සමඟ ලබා ගැනීමට නැවත ඔබ VFS ගෝලීය මධ්‍යස්ථානයට පැමිණිය යුතුය. නැවතත් ඔබ ආරක්‍ෂක අංශවලින් ආරම්භ වන එවැනිම හිරිහැරයන් හරහා යා යුතුය. සංවර්ධනය වෙමින් පවතින රටක ඉපදීමටම ඔබ ගෙවන දඩුවමකි. VFS Global ඔවුන් සේවා ගාස්තුවක් ලෙස එකතු කරන දෙයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඔවුන්ගේ සේවා ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට කාලය මෙයයි!

මෙය පසුගියදා කොළඹ VFS Global Center එකකදී මෙම අත්දැකීම අත්විඳි පුද්ගලයකු ලියූ ලිපියක සිංහල අනුවාදය යි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan