ශවේන්ද්‍ර වෙනුවෙන් අදත් හෙටත් පෙනී ඉන්නවා. ඔහුට මගේ රැකවරණය තියෙනවා – අනුර (VIDEO)

Date:

පසුගිය අරගලය මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවා වෙඩි නොතැබීම සම්බන්ධයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට යම් ඇගයීමක් පවතින බවත් ඔහුට එරෙහිව දැනට පරීක්ෂණයක් සිදු කෙරුණත් ඉදිරියේදී බිහිවන තමන්ගේ ආණ්ඩුව යටතේ ඔහුව එම චෝදනාවලින් නිදහස් කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂට කොච්චර හොඳට රැකවල් තිබ්බද ? එක අඩියකදී ඒ සොල්දාදුවන් කොහොමද හැසිරුණේ. අද මම දන්නවා, ඒ ප්‍රධානියා ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පරීක්ෂණයකුත් යනවා. දැන් පරීක්ෂණය ගිහිල්ලා පෙන්නන්නේ ශවේන්ද්‍ර ඔයා ඒ වැඩේ කරන්නෙ නැතිවුණාට අනිත් අය ඒ වැඩේ කරන්නෙ නැතිවුණාම ශවේන්ද්‍රට වෙන වැඩේ කියලානෙ පෙන්නන්න හදන්නෙ ? ශවේන්ද්‍රට විරුද්ධව දැන් යන පරීක්ෂණය තමයි ඒ ජනතාවගේ නැගිටීම මර්දනය කිරීම සඳහා ශවේන්ද්‍ර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තෙ නෑ කියලානෙ මේක ගන්නෙ. එතකොට ශවේන්ද්‍ර ඒක නොකරපු එකේ ප්‍රතිවිපාකවලට එයා මුහුණ දෙනවා, ඒ නිසා ඔයාලත් ඒක නොකළොත් බලාගන්න පුළුවන් කියලානෙ රනිල් මේ කියන්න හදන්නෙ ? හැබැයි මතක තියාගන්න ශවේන්ද්‍රට ඒ දඬුවම දෙන්න පුළුවන් වෙන්නෙ ඒ අරගලයෙන් පසුව රනිල්ට පුටුව ලැබිච්ච නිසා. හැබැයි මේ නැගිටීමෙන් පස්සෙ පුටුව ලැබෙන්නෙ රනිල්ට නෙවෙයි. එදා ජනතාවගේ අරගලය මැඩපැවැත්වීම සඳහා උණ්ඩය පාවිච්චි නොකිරීම පිළිබඳ ශවේන්ද්‍රට අපේ ඇගයීමක් තියෙනවා. හැබැයි බලයට එන්නෙ ඇගයීම් කරන පාර්ශ්වය. හරිද ? රනිල් නෙවෙයි. ඒ නිසා ඒ අයත් තේරුම් ගනී කියලා හිතනවා මීළඟ නැගිටීම සංවිධානය වෙන ආකාරය ගැන”

ප්‍රශ්නය – එහෙම වුණොත් ඒ අයට ඔබෙන් රැකවරණය තියෙනවා ?

“අනිවාර්යයෙන්ම…. මම දැනුත් …. ශවේන්ද්‍ර සිල්වා එදා ජනතාවගේ නැගිටීම මැඩපැවැත්වීම සඳහා වෙඩි නොතැබීම පිළිබඳ ඔහුට පරීක්ෂණයක් ගිහිල්ලා ඔහුට දඬුවම් දෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකෙදි ශවේන්ද්‍ර සිල්වාගේ පැත්තේ හිටගන්නවා. මොකද ඔහු එදා හිටගත්තේ ජනතාවගේ පැත්තේ. මහා ලේ විලක් වීම වැළැක්වීම සඳහා ඔහු විශාල කාර්යයක් කරලා තියෙනවා. අපි ඉන්නේ ශවේන්ද්‍රගේ පැත්තේ. හෙටත් එහෙමයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. නාලිකාව සමග පැවති සංවාදයකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...