විදෙස් රැකියා වංචාවක් කර සැඟව සිටි ජාජබ අපේක්ෂකයකු අත්අඩංගුවට !

Date:

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනා මත අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකු අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ චෝදනා එල්ල වීමෙන් පසුව මෙම සැකකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟව සිට ඇති අතර ඊයේ (09) දිනයේදී ඔහු නීතීඥයකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේ ද අදහස් පළ වූ අතර ඉන් අනතුරුව ඔහු නීතීඥයකු මාර්ගයෙන් මෙසේ භාර වී ඇත. ඔහුව අද (10) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...