*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

වාමාංශික බකුනින්වාදය සහ මේ මොහොත ….

සමස්ථ භෞතික සබ්‍යත්වයම කුඩු පට්ටම් කරදමා ශිෂ්ඨාචාරය නැවත බින්දුවේ සිට අලුතෙන් පටන් ගැනීමට යාම බකුනින්වාදයේ ගමන් මගයි. නමුත් එය අරුත් සුන් බිහිසුනු ප්‍රලාපයක් පමණක් වන්නේ අන් කවරක්වත් නිසා නොව යම් සමාජයක් ආර්ථික වශයෙන් බිඳ වැටෙන විට එකී සමාජයේ සියළු මානුෂීකවාදයන්ද ඒ සමඟම බිඳ වැටී අළුතෙන් ආරම්බ කිරීමට යහපතේ කිසිදු අංකුරයක් එකී සමාජයේ ඉතිරිවිය නොහැකි වීම නිසයි.

භෞතික වශයෙන් බිඳ වැටෙන සමාජයක් අධ්‍යාත්මිකවද බිඳ වැටීම අනිවාර්ය හා නොවැලැක්විය හැකි සන්තිතියක් වන්නේය. ලොව සියළු මානුෂික වාදයන් රැඳී ඇත්තේ එක දිගට ආහාර වේල් නමයක් නැතිවන තුරු පමණකැයි ප්‍රසිද්ධ කතාවක් තිබේ. මන්ද එහිදී දහවන ආහාර වේල හැදෙන්නේ දැනටමත් හාමතේ පන අදින අසල් වැසියාගේ (මිනී) මස් වලින් විය හැකි බැවිනි.

ආර්ථිකය බිඳවැටෙන පරිදි වටපිටාව සකස් කර ඒ හරහා නිර්මාණය වන මහජන ආතතිය හසුරුවමින් සහ පොළඹවමින් බලය අල්ලා ගැනීමට කැසකවන මානසිකත්වයන් සහිත දේශපාලන බලවේග දහ අටවන සියවස තුල සිටම පැවතිනි. නමුත් එවන් බලවේග පවා අර්බූදය විසින්ම ජනිතකරන විලෝපික බලවේගයන් බව පසුකාලීන දාර්ශනිකයන් විසින් පෙන්වා දුන්නේය. මෙහිදී ආර්ථිකය කඩා බිඳ දැමීම තුලින් නිර්මාණය වන නොමිනිස් අරාජිකත්වය බලය සඳහා මාවතක් කරගැනීමට කැසකවන බලවේගවලට මග හැරී යන අතිමූලික සත්‍යය නම් එකී සමාජයේ ආර්ථිකය සමඟින්ම සියළු සමාජීය මානුෂීක මානව සඹඳතාද බින්දුවටම සිඳීයන බවය.

අනෙක් පැත්තෙන් (බලය ඉලක්කකර) හිතාමතාම මිනිසුන් අන්ත ද්‍රරිද්‍රතාවයකට ඇද වැටෙන සමාජ පරිසරයක් සකස් කිරීමම ම්ලේච්ඡ සිතුවිලි අධ්‍යාශයකි. එවන් තත්වක් හරහා බලය ලබාගෙන ජාතිය ගොඩ නැගීමට යාමේ ප්‍රවාදය යනු කෙසේ හෝ බලය පිළිඹඳ ම්ලේච්ඡත්වයක් මිස එය ජනයා උදෙසාවූ සානුකම්පිත ව්‍යාපෘතියක් වන්නේ නැත.

මා මේ විෂය ඉස්මත්තට ගෙන ආවේ පසුගිය සමයේ විපක්ෂ බලවේග විසින් අනුගමනය කල එක්තරා දේශපාලන උපායමාර්ගයන් පිළිඹඳව විශ්ලේෂණයක් කිරීම සඳහාය.

පසුගිය වසරේ තෙල් පෝලිම් තිබූ සමයේ සාමාන්‍ය ජනයාට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ටික හෝ මෙරටට ගෙන්වා ගැනීමට ඇවැසි ඩොලර් ටික පවා රට තුල නැතිවූ මොහොතේ ඇතැම් විපක්ෂ බලවේග විසින් විදේශ වල රැකියාවන් හී නියුතු ශ්‍රීලංකික ශ්‍රමිකයන් ගෙන් මෙරටට ඩොලර් නොඑවන ලෙස ඉල්ලා සිටියේය. එකී කුරුරු ඉල්ලීමේ ප්‍රතිපලය වීමට නියමිතව තිබුනේ ඖෂධ වලින්ම ජීවත්වූ බරපතල රෝගී ප්‍රජාව මරුමුවට පත් වීමයි.

රටක් තුල සිදුවන ආර්ථික කඩාවැටීමකදී එයට පළමුව බිලිවන්නේ එරට සිටින අවවරප්‍රසාදිත අසරණයන් මිස ප්‍රබූ පාලක පැලැන්තිය නොවේ. එවන් පසුබිමක් තුල විපක්ෂ බලවේග විසින් සිදුකලේ රජුගේ ඇඟේ වැසු මැස්සාට කෙටූ වඳුරාගේ බූමිකාවයි. මෙහිදී පාලකයන් පන්නා දැමීමට අවශ්‍ය වේනම් ඒ සඳහා අසරණ මිනිසුන් කෙමනක් ලෙස බාවිතා නොවන ප්‍රසස්ථ උපායමාර්ග බාවිතාකල යුතුය.

ඊළඟට පසුගිය දිනයන්වල රට තුලට ඩොලර් යම් ප්‍රමාණයක් (ණයට හෝ) පැමිණිවිට පෙරකී විපක්ෂ බලවේගවල කුහක මානසිකත්වය යලි වතාවක් එලියට පැන්නේය. එහිදී මතුවූයේ රට තුල විදේශ සංචිත වැඩිවී රට යම් ස්තාවරත්වකට පත් උවහොත් ආර්ථික කඩාවැටීම මතින් සාදාගත් ඔවුන්ගේ දේශපාලන පදනම බිඳවැටෙතැයි සිතූ කුහක වෛරයි. එක් මොහොතක ලංකාවට මොනම රටක්වත් කිසිදු ණයක් ලබා නොදීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර පවා නොමැතිව රට සාගතයකට වැටෙතැයි සිතූ බීතියක අපි ජීවත් උනෙමු. ඒ මොහොතට සාපේක්ෂව මේ ලැබෙන ණය හරහා හෝ ජනයාට සාගතයකට නොවැටී ජීවත්වීමට අවශ්‍ය වටපිටාව හෝ සැකසෙන්නේ නම් ඒ ගැන අන්තවාදී නොවී අපි සතුටු විය යුතුය.

තවත් පැත්තකින් යම් දේශපාලන ව්‍යාපාරයක් තුල මෙවන් විලෝපික චෛතිසිකයන් නිර්මාණය වීමට බලපාන්නේද ඔවුන් තුල අර්බූදයේ දිග,පළල හා ගැඹුර ගැන හරි අවබෝධයක් නොමැති කමයි. අර්බූයේ මූලය ඇත්තේ අප සතුව ඇති විනිමය උපයන ක්‍රමවේද අතිශය දුර්වල මට්ටමක පැවතීම තුලය. අපගේ විදේශ ආදායමේ සහ ජාතික වියඳමේ පරතරය ගනනය කලවිට ( රාජ්‍ය සේවයේ මසකට වැටුප් සඳහා වැයවෙන බිලියන සියයක වියදමද එකතු කලවිට රාජ්‍යයේ වියඳම රාජ්‍යයේ ආදායම මෙන් දෙගුණයකටද වැඩිය) හොරකම දූෂණය යනු අරබුධයට බලපෑ කුඩා හේතුවකි. එකී වංචා දූෂණ වලද වැඩි කොටස ඇත්තේද රාජ්‍යයේ නිලධාරී තන්ත්‍රය තුලය. එබැවින් ආර්ථිකය ගොඩ දැමීමේ පුළුල් සාකච්චාව රාජපක්ෂ හොරුන් ගලේ ගැසීමට පමණක් ලඝු කිරීම හුදු ජනප්‍රිය වාදයක් මිස විද්‍යාත්මක ක්‍රම වේදයක් නොවන්නේය. මන්ද රටක ආර්ථිකය ගොඩ දැමීම යනු බුද්ධිමත් ක්‍රියා දාමයක් මිස ජනප්‍රිය වෛරය පිරිමැහිල්ලක් නොවන බැවින්.

88, 89 වකවානුව තුල රාජ්‍යය බිඳ වැට්ටවීම පිනිස කළ බස්, ෆැක්ටරි, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම මෙහි නරකම වර්ශන් එක බව මෙහිදී නොකියාම බැරිය. මන්ද ඉහත විනාශකල සම්පත් සියල්ල රටේ ශ්‍රමිකයන් විසින් කාලයක් තිස්සේ උපයන ලද ප්‍රාග්ධනයයි. (මෘත ශ්‍රමය) එවන් දෑ ගිනි තැබීම හරහා විනාශවී යන්නේ සමස්ථ සමාජයටම ඊළඟ යුගයේදී ආයෝජනය කිරීමට හා පරිබෝජනය කිරීමට ඇති ද්‍රව්‍යමය ප්‍රාග්ධනයයි.

නැවතත් අපි වර්තමානයට පිවිසෙමු …

නූතන ගෝලීයකෘත නිශ්පාදනය විසින් ආර්ථිකයන් වල ජාතික පදනමට යටින් වල කැපෙමින් තිබෙන මෙවන් යුගයක අදාල තත්වයන් ගැන ජාත්‍යන්තර විග්‍රහයක් කර නොගෙන අර්බූදය රටේ අභ්‍යන්තර හොරකමකට පමණක් ලඝුකර ගැනිම පවා අර්බූදය අනාගැනීමකි. අර්බූදය ඇත්තේ වෙන තැනකය, නමුත් ඔවුන් විසඳුම සොයන්නේ තවත් තැනකය.

ආර්ථිකයේ ජාත්‍යන්තර චලනයන් නොතකා හැර අර්බුදයට විසඳුම වංචා දූෂණ නැති නිකසල ජාතික ආර්ථිකයක් තුලින් සෙවීම සුළුධනේෂවර රෝගයක් බැව් වරෙක ට්‍රොස්කිද පවසා ඇත. මේ වෛශයික තත්වයන් තුල දුපතේ දේශපාලන බලය අතට ගැනිම යනු බලය අර්බූදය විසඳන මායා යෂ්ඨියක් වන්නේ නැත.

හරි හමන් දැක්මක් වැඩපිලිවලක් නොමැතිව බලය ලැබීම යනු ඇතැම්විට වඳුරට දැලිපිහිය ලැබීමක් වැනි තත්වයක් නම් විය හැකිය.

අර්බූදයේ බෞතික මෙන්ම මතවාදී උවදුර ද පිළිකාවක් සේ සමාජ දේහය පුරා,ඔඩු දුවා ඇති මෙවන් මොහොතක මෙවන් විචාරයක් පවා ද්‍රෝහී,සතුරු කුමන්ත්‍රණයක් ලෙස හංවඩුව වැදීමට නියමිත බව මා දනිමි. නමුත් රැල්ලට ගසාගෙන යන දහස් ගනන් මළකඳන්වලින් එකක් වනවාට වඩා ඉඳ හිට හෝ උඩුගං බලා පිහිනීමට උත්සාහ දැරීම ‍යහපත් යැයි සිතිනි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan