ගුවන් මඟියෙකු නොවන පුද්ගලයෙකු විසින් කටුනායක ගුවන් තොටේදී කළ නීතිවිරෝධී ක්‍රියාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30 කොළඹ LNW :

ගුවන්මඟියෙකු නොවන පුද්ගලයෙකු විසින්, රුපියල් ලක්ෂ10,000ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින්, අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස, එයින් මිලදී ගත් විදේශීය මත්පැන් බෝතල් 75ක් සැකකරු විසින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන බවත්, ඔහු එම මත්පැන් බෝතල් තොගය ගමන් මලු‍ 05ක් තුළ අසුරා ගෙන, ගුවන් තොටුපොළ බැංකු පරිශ්‍රය ද පසු කර පිට වී යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...