රටේ පාලනයක් වෙන වෙලාවේ වර්ජන සුදුසු නැහැ.හරිතලාගේ වර්ජනයට අපි නැහැ (VIDEO)

Date:

මේ වන විට ඩොලරය ශක්තිමත් වී රටේ පාලනයක් ඇතිවන මොහොතක වර්ජන කිරීම සුදුසු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

13 වැනිදා සිට දින තුනක් එකදිගට වර්ජනයේ යෙදෙන්නේ රජයේ රෝහල්වල මිස පෞද්ගලික රෝහල් තුළ නොවන බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

වෛද්‍යවරු බදු ගෙවන්නේ පළමු වතාවට නොවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේ කටයුතු කළ යුත්තේ දේශපාලනික පැත්තෙන් නොව බුද්ධිමත්ව බවද බෙල්ලන මහතා කියාසිටියි.

බදු ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් එය මීට පෙර වෛද්‍ය පාදෙණිය රටට කළ හානියට වඩා හානියක් සිදුවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය එම වැඩවර්ජනයට නොලැබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!