ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලාංකික බතික් කලාව මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

Date:

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව,2022 මාර්තු 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය. නව විලාසිතා ප්‍රවණතා කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ඕස්ට්‍රේලියානුවන් වෙත ළඟා වීමේ අදහසින්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙවැනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් සහ ඕස්ට්‍රේලියාවේ උපන් දකුණු ආසියාතිකයන් හරහා ශ්‍රී ලාංකික බතික් කලාව ඕස්ට්‍රේලියානුවන් අතර ප්‍රචලිත කිරීම, ප්‍රථම වරට පවත්වන ලද මෙම වැඩසටහනේ අරමුණ විය.

2019 සහ 2020 යන වසරවල දී, විවාහක හා අවිවාහක දකුණු ආසියා සහ ඕස්ට්‍රේලියා රූ රැජින සහ විවාහක හා අවිවාහක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා රූ රැජින යන තරගවලින් ජය ලැබූ ජයග්‍රාහිකාවන් මෙම ඡායාරූප රූගත කිරීම සඳහා සහභාගී වූ අතර ඔවුහු ශ්‍රී ලංකාවේ බතික් සාරිවලින් සැරසී සිටිය හ. තරුණ ව්‍යවසායිකාවක් වන “විවාහක දකුණු ආසියා ඕස්ට්‍රේලියා රූ රැජින තරගයේ 2020 අනුශූරතාව” දිනාගත් තාරා ඩයස් මහත්මිය නිර්මාණය කළ නවතම බතික් ඇඳුම් ද මෙම රූගත කිරීම්වලට ඇතුළත් විය. ඉන් අනතුරුව මෙම නිර්මාණ ශිල්පිනිය,ශ්‍රී ලංකා බතික් ඕස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතාහමු වූවා ය.

මෙම ඡායාරූප කොන්සල් ජනරාල්වරයා, සංවිධායකයන් මෙන්ම මාධ්‍ය තුළ විශාල අනුගාමිකත්වයක් ඇති නිරූපිකාවන් විසින් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස බෙදා හරින ලදී. තවද, මෙම ඡායාරූප ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු ප්‍රජා මාධ්‍ය හරහා ද බෙදා හරින ලදි.

මෙල්බර්න් නගරය බහු සංස්කෘතික නගරයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය සහ ශ්‍රී ලාංකික බතික් කලාව ආශ්‍රිත නිමැවුම් වැනි අද්විතීය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය තෝතැන්නකි. විශාල ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු ප්‍රජාවකගේ නිවහන වන මෙල්බර්න් නගරය, ශ්‍රී ලාංකික බතික් කලාව සඳහා වැදගත් වන වෙළඳපොලක් බවට පත්වීමේ හැකියාවක් පවතී.

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩයනා පෙරේරා මහත්මිය, CFSL හි සභාපති මිමී ලෙනාඩ් මහතා, තරඟ අධ්‍යක්ෂ සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ඩිල්කි පෙරේරා මහත්මිය සහ CFSL හි විධායක සාමාජික සවින්දි පෙරේරා ජෛනුදීන් මහත්මිය යනාදීහු මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කළහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2022 මාර්තු 09 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...