විමල්ලාට අද තීරණාත්මකයි : ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද !

Date:

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ඇය මෙම උපන්දින දෙකම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කර ඇති බවත්, ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කර ඇති බවත්, මෙම රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය හදිසි කටයුත්තක් සේ සලකා ඉක්මනින් ලබාදෙන ලෙස එවකට අමාත්‍ය විමල් වීරවංශ මහතා ආගමන විගමන පාලකවරයාට දුරකථනයෙන් අමතා බලපෑම් කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබිණි.

ඒ අනුව අද දිනය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ඔහුගේ පවුලටත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඔහුගේ නව දේශපාලන සගයින්ටත් තීරණාත්මක දිනයක් වනු නියතය.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා මේ වනවිට ආණ්ඩුවත් සමග යම් ගැටුමක නියැළී සිටියත් එය පවා හුදෙක් නාටකයක් පමණක් බවටත් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග විමල්ලාට යටින් ඩීල් එකක් ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැමුන් චෝදනා කරන අතර එම චෝදනාව පිළිබඳව පවා යම් තහවුරුවක් හෝ නිෂේධනයක් අද දවසේ දක්නට ලැබෙනු ඇත.

යහපාලන සමයේ ඇතැම් දේශපාලනඥයින්ට එරෙහිව ගොනු කෙරුණු නඩු දේශපාලන පළිගැනීම් වශයෙන් හැඳින්වුණත් මේ නඩුව එම වර්ගීකරණයටත් ලක් කළ නොහැක්කේ මෙම සිදුවීම හුදෙක් තමන්ගේ වයස අඩුකර පෙන්වීම වැනි ළාමක, මෝඩ වුවමනාවක් වෙනුවෙන් රාජ්‍ය බලය අවභාවිතා කරමින්, කූඨ ලේඛන සකස් කිරීමේ වරදක් මත පදනම්ව ඇති නිසාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...