*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ, හුදෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යන්නේද, නැද්ද යන පදනමින් නොව එම වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශ අනුව ඉදිරියට ගත යුතු පියවර සම්බන්ධයෙන් එකඟතාවක් නිර්මාණය කරගැනීමේ පදනමින් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව මීට පිළියම් වශයෙන් දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ කරා යෑමට බලකෙරෙන තත්වයක් උද්ගත වී තිබේ. මෙහිදී IMF සමග වැඩසටහනකට යා යුතු බවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්ව රැසක් ද දැනටමත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. එහෙත් ප්‍රායෝගිකව එවන් දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ රටක් තුළ ක්‍රියාත්මක කිරීමට නම් එම රට තුළ පක්ෂ භේදයෙන් තොරව දේශපාලන එකඟතාවක් ඇති කර ගැනීම මූලික අවශ්‍යතාවයක් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ ද මෙම මූලික අවශ්‍යතාව අනුව ය. එම සර්ව පාක්ෂික සමුළුවට පෙර IMF වාර්තාව පක්ෂ නායකයින් වෙත ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ද මෙහි ඇති වැදගත්කම නිසා ය.

බලය රැකගැනීම හෝ බලය ඩැහැගැනීම වෙනුවෙන් මහපාරේ සටන් කරනවා වෙනුවට රටක් වශයෙන් මෙම ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා එකඟතාවක් ඇති කරගැනීමට සියලුම දේශපාලන පක්ෂවලට අර්බුදය විසින්ම බලකෙරෙන තත්වයක් නිර්මාණය වී ඇතිය යන්න දේශපාලන පක්ෂ විසින් කොතෙක් දුරට අවබෝධ කරගන්නේද යන්න මත රටේ අනාගතය රඳා පවතිනු ඇත.

අපේ රට තුළ කාලයක් තිස්සේ පවතින ලාබ IMF විරෝධයෙන් ඔබ්බට යමින් මෙම IMF වාර්තාව පිළිබඳ බැරෑරුම්ව සාකච්ඡා කළ යුතු වන්නේ රටක් වශයෙන් අප මුහුණ පා සිටින තත්වය සම්බන්ධයෙන් ලෝක මට්ටමේ ආර්ථික විශ්ලේශකයින් විසින් එම වාර්තාව සකස් කර ඇති නිසාත්, ලොව වෙනත් රටවල අත්දැකීම් ද සමග ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති නිසාත් ය. මේ අර්බුදය තනි තනිව විසඳන්නට කතා කිරීම යනු හුදෙක් වාගාඩම්බර දෙඩීමක් පමණි.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/09/9605/
http://139.59.240.222/03/09/9560/
http://139.59.240.222/03/09/9550/
http://139.59.240.222/03/08/9525/
http://139.59.240.222/03/08/9488/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan