*
Friday, April 26, 2024
spot_img

Latest Posts

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් ඉවතට – LNG ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙයි!

ශ්‍රී ලංකාවේ යෝජිත ස්වභාවික ද්‍රව වායු (LNG) බලශක්ති ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමට නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම කටයුතු කරන බවට වාර්තාවේ.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටා ඇති නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, මේ සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා (04) දින ලබා දී ඇති තීන්දුව හමුවේ අදාළ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බැවින් යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කරන බවයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ස්වභාවික ද්‍රව වායු බලශක්ති ව්‍යාපෘතිය නවතා දමන මෙන් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කර දැමීමට අධිකරණය කටයුතු කළේය.

නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ගිවිසුම් ගත වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමේ හා නව ස්වභාවික ද්‍රව වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමේ බලතල අදාළ සමාගම වෙත පැවරිනි.

මෙම ගිවිසුම හරහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට කෙරවලපිටිය විදුලිබල සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතිය ලබා දී ඇත. දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 310 ක යුගදනවි බලාගාරය සහ එළඹෙන 2023 වර්ෂයේදී අතිරේක මෙගාවොට් 350 ක විදුලියක් ජනනය කිරීමට බලාපොරොත්තු වන සොබාදනවි බලාගාරයට අවශ්‍ය බලශක්ති අමුද්‍රව්‍ය ලෙස දිනකට ස්වභාවික ද්‍රව වායු ගැලුම් මිලියන 1.2ක් (~ 35,000 MMBtu) ලබා දීමට එම සමාගම කටයුතු කරනු ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා වූ නිශ්චිත ගිවිසුම කොන්දේසි වලට යටත් වන බව ද මේ සම්බන්ධයෙන් ඇමරිකානු සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පිරිසිදු බලශක්තිය පරිහරණය කිරීම වේගවත් කිරීම සඳහා ආරම්භ කරන ලද ගෝලීය බලශක්ති යටිතල පහසුකම් සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, ආර්ථික වර්ධනය, පාරිසරික භාරකාරත්වය වැඩිදියුණු කිරීම, දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම ඇතුළු කාර්යභාරයන් සඳහා අවශ්‍ය පූර්ණ ඒකාබද්ධ පිරිවැටුම් බලශක්ති විසඳුම් ලෙස යෙදිය හැකි ස්වභාවික ගෑස් යටිතල පහසුකම් සහ සැපයුම් සඳහා අරමුදල් සපයයි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan