*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

HUMANSCAPE ඉවර වෙන තැන තියෙන BLANK SPACE එක ඔබටයි – චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක

HUMANSCAPE කියන්නෙ වෙනස් ජාතියෙ කතාවක්.එහෙම ඒක හඳුනවන එක සාධාරණයි කියන්නෙ එහි අයිතිකාරයා ඒ ගැන නිරන්තරයෙන්ම කියන්නෙ ඒකෙ තියෙන්නෙ භාෂාවක් කියන නිසයි.ඒකට කියන්නෙ ඇදීමේ භාෂාව මිස ඇන්දීමේ භාෂාව හෝ අන්දවන භාෂාව කියන එක නෙමෙයි.ඒක විදීමේ භාෂාවක්.

මේ වර්ණාවලිය සහ අළු බවට පත් වුණ පාළු කාලකණ්නි වර්ණ අතරෙ පපුව කොනිත්තන මොකද්ද තියෙනවා.ඒක වේදනාවක් වෙන්න පුළුවන්.ඒත් ඒ සංවේදී වන දැනවීම අපිට අතපසු වෙන ගැඹුරු වින්දනයෙ වැඳුණම අලුත් එළියක් විහිඳුණා.ඒ එළිය ඉස්සරහ මා ප්‍රගීත්ට සම්මුඛව ඉඳ ගත්තා. මේව තේරෙන්නෙ නැහැ කියලා කියනවනම් කවුරු හරි වැරද්ද කාගෙද?ඔබේද බලන කෙනාගෙද? මගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දීම ඔහු අරඹන්නේම මගෙත් නෙමෙයි,බලන අයගෙත් නෙමෙයි. එහෙනම් ? දෙවන ප්‍රශ්නය මතුවෙන්නෙ ටක්කෙටම වරදකරුවා මතු කරගන්න අදහසෙන්.

මේ පද්ධතිය ඇතුළෙ එහෙම සංකීරණ කියවීමකට සහ හැදෑරීමකට ඇති ඉඩට මේක සාපේක්ෂයි.මම චිත්‍රය එක්ක සහ මගේ ජීවිතයට අදාළ සමාජමය හැදෑරීම් එක්ක එන එක්ස්පීරියන්ස් එකයි චිත්‍රය ඇතුළෙන් එළියට දාන්නෙ.මේක තේරෙන්නම එහෙම නැත්නම් තේරුම් ගන්නම යනවට වැඩිය මේක එක්ක එන්ගේජ් වෙන්න බලන්න.

ප්‍රගිත්ගේ ඉල්ලීම එහෙමයි.

මාව චලනය වෙන හැටියට සමහර විට මගේ භාෂාවේ හැඩය වෙනස් වෙනවා.පළමු එකේ ඉදලා ගත්තොත් මම එක ඉරක් නෙමෙයි.ඒක විවිධ හැඩයට ඇඳෙනවා ඇදෙනවා.ඒ චලනයේ ස්වභාවයන් එක්ක.සමාජමය වෙනස් වීම් එක්ක මගේ මේරීම එක්ක සංවේදීවෙන ආකාරය මෙන්ම එය මට දනවන හැටියෙත් යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්.

ඉනික්බිති ප්‍රගීත් පෙන්වා දෙන්නේ මේ චිත්‍රමය ප්‍රකාශනයන් සමබන්ධයේන් ස්වීය ඇතුළාන්තය චලනය වීම සහ එය චිත්‍රමය ප්‍රකාශනයක් බවට වැඩුණු තුන් ඇදෑතු සබඳතාවය ය.

මම මා සමඟ,මා අනෙකා සමඟ සහ මා පරිසරය සමඟ ඇති සම්බන්ධය කවරේද කියන ප්‍රශ්නය මට තදින් දැණුනා.ඒක පොදු අර්ථයකට ආවම මම කියන්නෙ ප්‍රගීත් නෙමෙයි.මම කියන්නෙ අපි කාටත් පොදු හැඟවුමක මම තියෙන්නෙ.මේ මොහොතෙ අපි හුස්ම ගන්නවා.ඒ හුස්ම අපිට දෙන්නෙ පරිසරය කියලා අපි ඒකට තෑන්ක්ස් කරන්නෙ නැහැ.සමහර විට ඒක වෙන්නෙ අපිට නොදැනෙන නිසාම වෙන්නත් පුළුවන් කියලා හිතෙන්නෙ එකිනෙකා මම සහ පරිසරය අතර සම්බන්ධය පවත්වාගෙන යන හැටියට.

ප්‍රගීත් ඒ ඔස්සේ තව දුරටත් පවසන්නේ මේවා හී ඇති ස්වභාවයන් දේශපාලනික බවය.අපිට ඒ සම්බන්ධතාවල ගුණාත්මක යථාර්තය වෙනුවට රැවටෙමින් ගොඬ නැඟෙන ස්වභාවය විසින් අහිමි කර තිබෙන පුද්ගල පෞරුෂය සහ අනන්‍යතා අහිමිවීම ඒ වර්ණාවලියේ මෙන්ම සංඛේතමය රූප අතරේ කියවා ගන්නට ප්‍රගීත් පවසන දේශපාලනික සහ සමාජමය අවබෝධය වැදගත්ය.

මේ අහිමි කිරිම් තමන්ට අනෙකා පමණක් නොව තමන්වද අහිමි කරන තරම් දරුණුය.නරුමය.ප්‍රගීත් පවසන්නේ ඒ නරුම අතර සිය වර්ණ භාවිතය අතරේ සියුම් වර්ණාලෝක විහිදෙන්න හැර තිබෙන්නේ අළු බවට පත් වුව ද සම්පූර්ණයෙන් දැවි නැති පුංචි හෝ ඉඩ් තවමත් ඇති බව කියන්නටය.ඔහු පවසන්නේ ඒ ඉඩ ඉතා වැදගත් බවයි.

නැවත පටන්ගන්න එහෙම නැත්නම් එතැන සිට අලුතින් පටන්ගන්න පුළුවන්.මෙතැනදි තමයි සාමූහික එකඟවිම සහ එකතුවීම කියන කාරණය සමාජයට වැදගත් වෙන්නෙ.එතැනදි වැදගත් වෙන්නෙ ඉස්සෙල්ලාම තමන්ව කියවාගන්න පුළුවන් තැනකට පැමිණීම.තමන්ගේ අනන්‍යතාවය කවරක්ද කියා සිතීම සහ අවබෝධ කර ගැනීමයි.

ප්‍රගීත් පුහුණු කරන ලද චිත්‍රය දේශපාලනිකය.සමාජමය වශයෙන් කියවා ගන්නට වැඩුණු වර්ණ සහ රේඛාමය බැඳීමක්ය.ඔහුගේ ප්‍රකාශනයේ ඇති වගකීම්භාවය ප්‍රගීත් පවසන හැටියට කලාකාරයා පමණක් නොව සෑම මනුස්සෙක්ම තේරුම් ගත යුතුය.

මාධ්‍යය තියෙන්නෙ මිනිස්සු අත.චිත්‍ර තියෙන මමත් මනුස්සෙක්.අපිට මොකද්ද පැවරිලා තියෙන වගකීම.සෑම කලාකාරයාම කියනවට වඩා කලාකාරයෝ වන මිනිස්සුත් ඇතුළුව සෑම මනුස්සෙක්ම මේ තත්ත්වය ගැන අවබෝධයෙන් බැදීමෙන් සිටීම වැදගත් බවයි.ඉතුරුව ඇති සියුම් ආලෝකය ද අළු බවට පත්වන්නට දී නිහඬ වන්නේ ද ඒවා දෑතින් ආවරණය කර සුරක්ෂිතව විහිදෙන පරාසය පුළුල් කරන්නේද යන සාමාජමය වගකීම අසළ අප නවතන ප්‍රගීත් පෙන්වා දෙන්නේ, මෙහි සංඥාවක් තිබිය හැකි බවයි.මෙහි ආරාධනාවක්ද තිබිය හැකි බවයි.

එහෙත් ඒ ඔස්සේ කියවා ගැනීම කරන්නේ කෙසේ ද?

ප්‍රගීත්ගේ ආරාධානය තමන් කවුරුද යන්න පිළිබඳ HUMANSCAPE නිමාවේ තමන් ඉදිරයේ මතුවන BLANK SPACE එක යොදාගෙන නිර්මාණය කර ගැනීම උත්සාහ කිරීම වැදගත් බවයි.අපි කවුරුද අපේ අනෙකා කවුරුද යන්න මෙන්ම සහෘදයා අවබෝධ කර ගැනීමේ සාමූහික ව්‍යායාමයේ දී දක්වන අවංක සබැඳීයාවන් අවශ්‍යය අවකාශයක තැබූ HUMANSCAPE වර්ණ ගැන්වීම ප්‍රගීත් නිම කර ඇත.එහෙත් ඒ නිමාවක් නැත.ඇරයුමක්ය.ඒ ඔබට ඔබේ පිළිඹිමුව නිවැරදි මානයන්ගේ නිර්මාණය කර ගැනීමට ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan