කාන්තා ක්‍රීඩිකාවන් අගයන අතරේ 91 රත්තරන් කෙල්ලො ටිකත් අගයමු ද?

Date:

ඉතිහාසයේ ලද කීර්තිය කාලය සමඟ වෙනස් වන්නේ නැත.රන් රන්මය.ඒවා කාලය විසින් තඹ බවට පත් කරන්නේ නැත.ඒ නිසාම 96 ශ්‍රී ලංකා කණ්ඩායම අදටත් වලංගුය.මහේලලා ඉන්දියාවේ හිටියත් ලංකාවේ ක්‍රීඩාව සැළසුම් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා විශ්වාස කරන්නේ ක්‍රීඩා කරන කොට පෙන්නූ හපන්කම් නිසාය.ඒ ක්‍රීඩකයා සහ පරිපාලකයා ලෙස වෙනස් භූමිකාවන් දෙකක් හඳුනා නොගත් ඌනතාවයක අවුලය.ඒත් මහේල ක්‍රීඩකයෙක් ලෙස කළ කී දේ අදටත් අංශුවක වෙනසක් නැතුව මේ පොළවට වටින්නේය අදාළය.

මෙවර කාන්තා දිනය නිමිත්තෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බස්නාහිර පළාතේ කාන්තාවන්ට සහභාගි වීම සඳහා වොලිබෝල් තරගාවලියක් සංවිධානය කළේය.එහි ප්‍රධාන ආරාධිතයා වූ නාමල් රාජපක්ෂ මහතා ලංකාවේ ක්‍රීඩාවට කාන්තාවන් දැක් වූ දායකත්වය අගය කරමින් කතාවක් ද කළේය.රටට කීර්තිය ගෙනා ක්‍රීඩිකාවන් අගය කළ යුතු බව ද කීවේය.වොලිබෝල් තරගාවලියක් වුව ද එතුමාට ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් රටට ඉහළම කීර්තිය දිනා දුන් ක්‍රීඩිකාවන් ගැන කියන්නට අමත විය.වසර 30 ට වැඩි කාලයක් ඔවුන්ට පැවති රජයන් කිසිවක් නොකළ බව කියන්නට අමතකව තිබුණේය.නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔවුන්ට අඩු මුදලකට රජයේ නිවාස ලබා දෙන්නට උත්සාහයක් ගනිමින් සිටින්නේය.එවැනි තීරණයක් ගත් බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසිංහ ද පෙර අවස්ථාවක අප වෙබ් අඩවියට පැවසුවේය.අඩුම තරමේ ඒ ගැන හෝ වොල්බෝල් තරගයක් නිසා කිව්විනම් හොඳය.රත්තරන් බාලවෙන්නේ නැත.ඒවා බාල කොට සැළකූ පැවති දේශපාලන අධිකාරීන්ට රිදෙන්නට ඔවුන් වෙනුවෙන් නිසි වටිනාකම දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ගහන ඩෑස් පහරට විසිල් ගසන්නට අපි පසුබට නොවෙමු!අපට අවශ්‍යය ක්‍රීඩාවය ක්‍රීඩකයින්ය.ඒ නිසා 91 වොලිබෝල් ක්‍රීඩිකාවන් ගැන කියන්නට වොලිබෝල් තරග අවස්ථාවේ අමතක වුව ද ඒ රත්තරන්වලට හරි වටිනාකමක් දෙන්නට එදා රන් පදක්කම දිනද්දි පුංචි දරුවෙක්ව සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ගන්නා උත්සාහය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.රත්තරන් කියන්නේ එන්න එන්න වටිනාකම වැඩි වෙන දෙයක් බව ද අපි සිහිපත් කරන්නෙමු.

අමාත්‍යවරයා සහභාගි වූ තරගාවලියේ දී ජය ගත්තේ ගමපහ සංඝමිත්තා කණ්ඩායමය.දෙවන ස්ථානය රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස් කණ්ඩායමට හිමි විය.තෙවන ස්ථානය ටොරිංටන් ක්‍රිඩා සමාජයට හිමි විය.රුපියල් 25000/=,රුපියල් 20000/= සහ රුපියල් 15000/= බැඟින් ජයග්‍රාහි කණ්ඩායම් අතරේ ත්‍යාග මුදල් සමඟ ජය සංඛේත බෙදි ගියේය.ප්‍රදර්ශන තරගයක් පැවති අතර එහි ජයග්‍රාහකයන්ට රුපියල් 25000/= ද අනු සූරියන්ට රුපියල් 20000/= ද හිමි විය.එහි සූරියන් වූයේ ගුවන් හමුදාවය.අනු සූරියන් වූයේ යුද හමුදාවය.

මේ සමඟ ඇති ඡායාරූප ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකය විසින් එම තරගාවලියට අදාළව නිකුත් කළ ඒවාය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...