යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්‍යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 – 6000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

මෙම සංඛ්‍යා පිළිබඳ සැළකීමේදී දෙවැනි ලෝක යුද සමයේදී සිදු වූ හානිය හා සමාන හානියක් සිදුවන බවට උපකල්පනය කළ හැකි බවද ඇමරිකාව පවසනවා.

මේ අතර යුක්රේනය පවසන්නේ අවම වශයෙන් රුසියානු සෙබළුන් 12,000 ක් වත් මියගොස් ඇති බවයි.

කෙසේ නමුත් රුසියාව පවසන්නේ තවමත් මියගොස් තිබෙන්නේ සෙබළුන් 500 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. යුක්රේන හා ඇමරිකානු සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරන රුසියාව පවසන්නේ අවම හානියක් සමග සටන් ඉදිරියට යමින් තිබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පරිභෝජනය 30% කින් අඩුවෙලා – බලශක්ති ඇමති

සටහන - රුවන් නෙළුගොල්ල 2019 - 2020 වර්ෂ හා සංසන්දනය...

මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පැවැත්වීම මත...

2025 පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී...

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...