අගමැතිගේ බැංකු ගිණුමට විද්ද ලොකුබණ්ඩාර වාරික ලෙස ගෙවන්න එකඟ වෙයි

Date:

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමකින් අයථා ලෙස මුදල් ලබා ගත්, අගමැතිගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා, අදාල මුදල් වාරික ලෙස ගෙවීමට එකඟ වී තිබෙනවා.

එහි පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 25 ක මුදලක් පසුගියදා අරලියගහ මන්දිරය වෙත පැමිණි ලොකුබණ්ඩාර මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබෙනවා. ඉතිරි මුදල්ද ලක්ෂ 25 වාරික ලෙස ගෙවීමටයි ඔහු පොරෙන්දු වී තිබෙන්නේ.

අගමැතිවරයාගේ ගිණුමෙන් මාසිකව රුපියල් ලක්ෂ 15 බැගින් දිගු කාලයක් තිස්සේ ලොකුබණ්ඩාර මහතා මුදල් ලබාගෙන ඇති අතර සමස්ත මුදල්වල වටිනාකම රුපියල් කෝටි 04 කට ආසන්න බවයි වාර්තා වී තිබුණේ. ඔහු එම මුදල් ලබාගෙන විදෙස් සංචාර, යහළු යෙහෙළියන්ට තෑගි ලබාදීම, සුපිරි මෝටර් රථ කුලියට ලබා ගැනීම වැනි කටයුතු සඳහා වියදම් කර තිබේ.

අයථා ලෙස ලබාගත් මුදල් වාරික ලෙස නැවත පියවීමට ලොකුබණ්ඩාර මහතා එකඟවීම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම අගමැතිවරයා විසින් අතහැර දමා ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...