ශානිගේ ‌පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

Date:

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීරණය කර තිබෙනවා.

මෙම පෙත්සම අද කැඳවා තිබූ අතර කෝදාගොඩ මහතා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බවයි.

ශානි අබේසේකර මහතා වෙුනවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමහේවා, ප්‍රධාන පොලිස් පරීක්ෂඛ නිරෝෂණී හේවාපතිරණ, විශේෂ ඒකකයේ ස්ථානාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු පුද්ගලයන් දෙනෙකු නම්කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු මෙම පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...