අණ නොතකා බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කිහිපදෙනෙකු යුක්රේනයේ සටන් වැදීමට ගිහින්!

0
947

බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය තුළ සටන්කිරීමට පිටත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ යුක්රේනයේ සටන් වැදීමට පිටව ගොස් තිබෙන්නේ හමුදාවේ අණට පිටුපා බව බ්‍රිතාන්‍ය හමුදාව තහවුරු කරයි.

මෙම හමුදා නිලධාරීන් පිරිස නිවාඩු ගැනීමකින් ද තොරව බලඇණි වලින් ඉවත්ව ගොස් ඇති අතර, යුක්රේනය බලා පිටත්ව ගොස් තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් යුද්ධයට සහාය දැක්වීමට විය හැකි බවයි බ්‍රිතාන්‍ය හමුදාව පවසන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය හමුදා මාධ්‍යප්‍රකාශකවරයකු සඳහන් කර සිටියේ ඔවුනට යළි දිවයින බලා පැමිණෙන ලෙස තරයේ අවවාද කරන බවයි.

නැවත දැනුම් දෙන තුරු සියලු සේවා සපයන පුද්ගලයන්ට යුක්රේනයට ගමන් කිරීම බ්‍රිතාන්‍යය විසින් තහනම් කර ඇත.

අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here