යුක්රේන – රුසියා සාකච්ඡා යළිත් අසාර්ථකයි ! නේටෝවට එක්වීමේ අදහස අතහැර දැමුවා – සෙලෙන්ස්කි

Date:

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යම් සමථයකට පත්වීම සඳහා අද යුක්ර්න හා රුසියා විදේශ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විණි. තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්රේන යුදමය තත්වය අවසන්ව වනු ඇති බවට වූ බලාපොරාත්තුව තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ නේටෝ සංවිධානයට එක්වීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට තීරණය කළ බවයි. තම රට පිළිගැනිමට නේටෝ සංවිධානය අකමැති බව දැන් හොඳටම අවබෝධ වී ඇති බවයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රබල හේතුවක් වූයේ යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමට තිබූ සූදානමයි. කෙසේ වුවද අවසානයේදී යුක්රේනයට නෝටෝ සංවිධානයත් නොමැතිව ආක්‍රමණිකයෙකුට මුහුණදීමට සිදුව තිබෙනවා.

යුක්රේන ජනාධීපතිවරයා නේටෝ සංවිධානයෙන් ආයාචනය කරන්නේ යුක්රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. දැන් යුක්රේන ජනතාව මුහුණ දෙන තත්වය අතිශය භයානක බවත් මේ තත්වයෙන් පැවතියහොත් යුක්රේන ජනතාවගේ ජීවිත මිලියන ගණනක් අහිමි වී යා හැකි බවත් සෙලෙන්ස්කි පවසනවා.

රුසියාව සහ යුක්රේනය අතර ඊයේ පැය 12 ක සටන් විරාමයක් පැවති අතර කෙසේ නමුත් රුසියානු හමුදා සටන් විරාමය අතරතුර මාතෘ හා ළමා රෝහලකට ප්‍රහාරයක් එල්ල කළේය. මෙම ප්‍රහාරයෙන් බිළිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මියගිය බව යුක්රේනය ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...