යුරෝපෙ තාමත් ඩීසල් රුපියල් 552 යි, අපි තාමත් ඊට අඩුවෙන් ඩීසල් විකුණන්නෙ – රෝහිත

ඉතාලියේ අද වනවිට ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ යුරෝ 2.20 කට බවත්, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඉතාලියේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ යුරෝ 2.22 කට බවද ඇමතිවරයා පවසනවා.

ඒ් අතින් ශ්‍රී ලංකාව තවමත් ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවත්, එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවයි බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ.

කොවිඩ් අර්බුදයත් සමග සමස්ත ලෝකයම ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බවත් යුරෝපා රටවල මාසයක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් 150 ක පමණ අගයකින් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව සතුටු විය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...