මම IMF එකත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවේ නෑ – හර්ෂගෙන් ජනපතිට පිළිතුරු

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් ලබාදෙන්නැයි තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේ නොමැති බවත් තමන් ඉල්ලා සිටියේ රටට අතිශයින්ම තීරණාත්මක ජාත්‍යන්තර ණය හිමියන් සමග සාකච්ඡාව යම්කිසි විනිවිදභාවයකින් යුතුව සිදුකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය සමග එකඟතාවකට එන ලෙසත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“රටට ගිහිල්ලා තියෙන්නේ හරි පණිවිඩය නෙවෙයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම නැගිටලා ඔහුට කෙළින්ම කිව්වේ ඔබට තව තියෙන්නේ ටික කාලයයි ඔබගේ ධූර කාලය අවසන් වෙනවා. ඔබ ජාත්‍යන්තර ණය හිමියන් සමග යම්කිසි එකඟතාවයකට ආවොත් එහෙම ඒ එකඟතාවය, ඊළඟට පත්වෙන ආණ්ඩුව කවුරු වුණත් ඉදිරියට අරගෙන යන්න ඕනෙ. එතනදී මම ඔහුට සඳහන් කරපු කතාව තමයි යම් වෙලාවක ඔබ ගිහිල්ලා කරන්න බැරි ගිවිසුමක් අත්සන් කළෝතින් එහෙම ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග, ඒක කරගන්න බැරිවුණෝතින් එහෙම අපි දෙවැනි බංකොලොත්භාවයකට ගමන් කරනවා. මම ඉතාමත්ම ඕනෑකමින් කිව්වේ ණය හිමියන්ගේ සාකච්ඡාව යම්කිසි විනිවිදභාවයක් තියෙන විදියට, විරුද්ධ පාර්ශ්වත් සමගම එකඟතාවකට එන්න කියලා. අපි IMF එකත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවෙ නෑ. මමනෙ කතා කළේ. කවුද කියන්නෙ මම IMF එකත් එක්ක මීටිමක් ඉල්ලුවා කියලා ? IMF එකේ ඇග්‍රිමන්ට් එක දැන් ඉවරයිනෙ. ආයෙ මොනවා සාකච්ඡා කරන්නද ඒකෙ ? ඒක ඉවරයි. ඉවර වෙච්ච දෙයක් සාකච්ඡා කරන්න වැඩක් නෑනෙ”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ඊයේ (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...