ගුවනේදී විනාඩි 28 ක් නින්දට ගිය ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන්යානයක නියමුවන් දෙදෙනාම විනාඩි 28 ක් නින්දට ගොස් ඇති බව සොයා ගැනීමෙන් පසු ඉන්දුනීසියාවේ ගුවන් සේවය පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පැවසේ.

ඉන්දුනීසියාවේ බතික් එයාර් ගුවන් සේවයට අයත් ඒ 320 යානයක් ක්ෂණිකව ප්‍රධාන ගුවන් මාර්ගයෙන් ඉවතට පැන ගිය නමුත් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 153 දෙනාම නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට හැකිව ඇති බව වාර්තා වේ.

32 හැවිරිදි එක් ගුවන් නියමයෙකු යානය ගුවන්ගත කර පැය බාගයකට පසු විවේකයක් අවශ්‍ය බව පවසමින් සහායක ගුවන් නියමුවාට එය භාරදී තිබෙන අතර, 28 හැවිරිදි සහායක නියමුවා එයට එකඟ වී තිබෙන බව පැවසේ.

ඔහු පවසා ඇත්තේ, එහෙත් සහාය නියමුවාට නොදැනුවත්ව නින්දගොස් ඇති අතර අලුත උපන් නිවුන්දරුවන් රැක බලාගැනීමට උදව් උපකාර කිරීම හේතූවෙන් වෙහෙසට පත්වන සිටි බවයි .

ගුවන්ගමන් පාලක මැදිරියට යානය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර නියමුවන් දෙදෙනා ඇහැරෙන විට කෙටි වේලාවක් යානය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව සොයා ගෙන තිබෙන අතර, අවසානයේ නිරුපද්‍රිතව ගොඩ බස්සවා තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...