සන්නද්ධ කල්ලිවල ප්‍රචණ්ඩත්වය හමුවේ හයිටිය උණුසුම් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සන්නද්ධ කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග හයිටි රාජ්‍යයේ යුරෝපා තානාපති කාර්යාලවල සේවකයන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට හයිටියෙහි සන්නන්ද කැරළිකරුවන් කළහකාරී ලෙස කටයුතු කරමින් සිටින බවත්, එරට අගනුවර ප්‍රධාන බන්ධනාගාරයට කඩාවැදී සිරකරුවන් නිදහස් කර ගැනීමත් සමග ගැටුම් උග්‍ර වී ඇත.

මේ වනවිට හයිටියෙහි පිහිටි ජර්මනිය / ඇමෙරිකාව සහ යුරෝපා සංගමයට අයත් තානාපති කාර්යාල කාර්ය මණ්ඩල ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ජර්මානු සහ යුරෝපීය දූත මණ්ඩලවල කාර්ය මණ්ඩල රැගෙන යන මෙහෙයුමක් අද දිනයේ ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් වේ.

ඇමෙරිකා තානාපති කාර්යාලය හා අවට ගුවන්තොටුපොල අසළ කැරළිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් ඉවත් කිරීම ගැටලුවක් වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...